Mrs Asia International - Nilanga Speaks

2013 ආසියානු විවාහක රූ රැජිණ
නිලංගා කතා කරයි
මං උපන්නෙ ඩුබායි වල

2013 ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජිණ ලෙස කිරුළ ජයගැනීමට ශ්‍රී ලංකාවේ නිලංගා සේනානායක පසුගිය සතියේ සමත්වුණා.
මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී පැවැති අවසන් තරගයේ ආසියානු රටවල් 30ක තරගකාරියන් පරදා ඇය කිරුළ දිනාගත්තා. මෙම තරගාවලියේ ඛෙස්ට් මොඩ්ල් ලූක් අංශයෙන් ද ජයග්‍රහණය කළේ ඇයයි.


Anuradhapura Toilet Problem at Poya Day

පොහොයට අනුරපුරදී දික්ගැහෙන  උපාසිකාවන්ගේ වැසිකිලි පෝලිම
පොසොන් පොහොය දිනයේ අනුරාධපුරයේදී සිල් සමාදන්වූ උපාසිකා මාතාවක තමන්ට සිදුවූ අපහසුතාවයක් ගොසිප් ලංකා වෙත යොමු කර තිඛෙනවා.
මෙම ප්‍රශ්නය විසඳන්නට බලධාරීන් ඉදිරිපත් වන්නේ නම් එය පුණ්‍යකර්මයක් වනු ඇත.
ඇය ඒවා තිබූ සටහන පහත පරිදිය.
පෝය දිනවලදී අනුරාධපුර රුවන් වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය අසල සිල් සමාදන්වන උපාසක උපාසිකාවන් සහ බැතිමතුන් මුහුණ දෙන ප්‍රධානතම එහෙත් බලධාරින්ට නොපෙනෙන ගැටලූවකි මේ.
පොහොයදිනයේ සිල් සමාදන් වන සියලුදෙනා පොහොයදිනට පෙරදිනයේ පූජාභූමියේ නවාතැන් ගනිති. පසුදින සිල්සමාදන් වීමට නම් උදෑසන එකේ සිට වත් වැසිකිලි පෝලිමට එක්විය යුතුය.
මෙම පොසොන් පොහොය දිනයේ මමද සිල්සමාදන් වුනෙමි.

Marvin Silava Hot Story

මර්වින්ගේ හොඳ නම කැත කරන කපටින් සොයයි

තමාගේ නම යොදාගනිමින් විවිධ වංචා හා දුෂණ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි කි්‍රයාමාර්ග ගන්නා බව මහජන සබඳතා සහ මහජන කටයුතු පිළිබඳ අමාත්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ මිතුරන් යැයි කියාගන්නා එවැනි බොහෝ

Lottery Winners Family Matter



ලක්ෂ දහයේ ලොතරැයි දිනුම
තමාගේ කියමින්
හස්බන්ඩ් වයිෆ් රණ්ඩු කර
ලොතරැයි මණ්ඩලේ අමාරුවේ


රුපියල් දස ලක්ෂයක දිනුමක් තමාට හිමිව ඇති බව පවසමින් ජයග්‍රාහී ලොතරැයි පතකට ගම්පොළ ප්‍රදේශයේ නිවසක බිරිඳ හා සැමියා දෙදෙනාම වෙන් වෙන්ව අයිතිවාසිකම් කීම නිසා ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම කාට ලබාදිය යුතුද යන උගතෝකෝටියකට පත්ව තිඛෙනවා.
කේන්දරයට අනුව මැයි මස පුතුගේ අකුරු කියවන නැකත හැඳීමේදී එම දරුවාට ඉතා වාසනාවන්ත යයි කියූ නිසා ඔහුගේ නමට වයි අකුරින් තෝරාගෙන මෙම ලොතරැයිය මිලට ගත් බව පවසන කාන්තාව එය ඇදුනු පසු තම සැමියා එය සොරාගෙන ඔහු මිලට ගත් එකක් බව පවසන්නේ යයි චෝදනා කරනවා.
සැමියා පවසන්නේ තමා ගත් ටිකට් පත ඔහුට නින්ද ගිය පසු බිරිඳ සොරාගෙන එහි ඡායා පිටපත්ද රැගෙන ලොතරැයි මණ්ඩලයට යවා ඇති බවකි.
මෙම පැනය නිසා එම දිනුම ලබාදීම නවතා අයිතිය තහවුරු කරන ලෙස ලොතරැයි මණ්ඩලය ඔවුනට


නදීෂා හා ගයේෂා චන්දික වෙනුවෙන් රණ්ඩු කලාද ?

පසුගිය සතියේ මව්බිම පුවත්පතේ හදගැස්ම අතිරේකයේ පුවතක් පලවිය. එයින් කියවුනේ දෙරණ කලා ගමේ අවුරුදු උත්සවයේ සිදුවූ සිදුවීමක් පිලිබඳවය. 

පුවත්පත වාර්තා කොට තිබු පරිදි නදීෂා හේමමාලි සහ ගයේෂා පෙරේරා චන්දික නානායක්කාර සමග ජායරුපයකට පෙනී සිටීම සඳහා කෙහෙවලු පටලවාගෙන ඇත. 

අයිශ්චර්යා සෙක්සි වෙලා

අයිශ්චර්යා මවක් වීමෙන් පසු ඇතිවූ මහත පිළිබඳව බොහෝ අය කතා බහ කරන්නට පටන් ගත්තේ ඇය ට යලිත් පෙර තිබූ තත්ත්වයට ශරීරය සිහින් කරගෙන රගපෑමට එක්විය හැකිද යන්නයි අධ්‍යක්‍ෂවරු මේ තත්ත්වය තුළ අයිශ්ව රගපෑමට සම්බන්ධ කරනොගනු ඇතැයි සමහරු කිව්වා

"නදීෂා හේමමාලි යළිත් Single වෙයි"

අවංක පේ‍්‍රමයක පැවැත්ම ජීවීත කාලයටම විය හැකිය එහෙත් රළ බිඳෙන ලෙස ඇතිවන පේ‍්‍රම සම්බන්ධකම් ඇතිවෙමින් කැඞී බිඳී නැවත රැළි නැගෙනවා

බොලිවුඩයත් හෙළුවෙන් රගපායි

උපන් ඇදුමෙන් ඉන්න පුළුවන් අපට ටික කාලයයි. ඒත් හොලිවුඩයෙ නළු නිළියන්ටනම් මේ උපන් ඇදුමෙන් රගපෑම ඒ තරම් දෙයක් නෙමේ. ඔවුනගේ සංස්කෘතියෙ ඇති නිදහස් සහ සරල බව නිසා නිරැවත එතරම් දෙයක් නෙවේ. ලොව සුපිරි දක්ෂ නළු නිළියන් නිරැවතින් රග පා තිබෙනවා. නමුත් ආසියාතික රටවල දි මේ උපන් ඇදුමෙන් රගපානවා කිවවහම තරමක් කතාබාහට ලක්වෙනවා .විශේෂයෙන්ම ඉන්දියාව වගේ විවිධ සංස්කෘතික රාමුවළින් බැදී පවතින රටක. අපේ සිනමාවෙත් යම් යම් ප‍්‍රමාණයන්ට රංගන ශිල්පිණියෝ සහ ශිල්පියො නිරැවත් දර්ශණවලට පෙනී සිට තිබෙනවා.

මැණික්ගෙ ඉල්ලූම ඉහළයාමේ රහස

කාලෙන් කාලෙට සිනමාවට ටෙලි නාට්‍ය වලට අලූත් මුහුනු එකතුවෙනවා .මේ හැම කෙනෙක්ම කුමන විදිහකින් හරි තම ස්ථාවරත්වය ගොඩනගාගන්න උත්සාහ කරනවා. ඒක නිළියන්ට පමණක් නොවේ නළුවන්ටත් අදාලයි. විශේෂයෙන්ම සිනමාවට අලූතෙන් එකතුවෙන බොහෝ අය ඉතා ඉක්මණින් ටෙලි නාට්‍ය ලෝකයට එනවා. ටෙලි නාට්‍ය කරන අය ඉතා අඩුවෙන් තමා සිනමාවට සම්බන්ධවෙන්නේ. බොහෝවෙලාවට සිනමාවට අලූත් අය එකතු කරගන්න නිර්මාණකරුවො කැමතියි, ටෙලිනාට්‍ය වළ නිතර දකින මුහුනු සිනමාවට ගන්න ඔවුන් තරමක් අකමැති නිසා.

නිරෝෂා විවාහ නොවන රහස

නිරෝෂා පෙරේරා සම්බන්ධව මාධ්‍ය තුළින් කියවන්න දකින්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්. විටෙක ඇය ඉතා නිහඩ චරිතයක්. ඇගේ ඒ නිහඩ බව විටෙක යමක නව ආරම්භයක් වන්නත් පුළුවන්. ඇය පසුගිය දිනක රේණුකා බාලසූරියගෙ පුත‍්‍රයෙකු වූ විශ්ව බාලසූරිය නිෂ්පාදන සහ කැමරා අධ්‍යක්‍ෂණය කළ නවතම සිනමා නිර්මාණය වූ 'නොනිමි' හි ප‍්‍රධාන භූමිකාව නිරූපණය කළා බිමල් ජයකොඩි සමග. 

සිනමාවේ සමලිංගික උණුසුම

1946 සිට ප්‍රංශයේ කාන් නුවර වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර කාන් චිත්‍රපට උළෙල මෙවර තරමක් ආන්දෝලනාත්මක වූවේය.ආන්දෝලනාත්මක සිදුවීම වූවේ උළෙ‍ලේ හොඳම චිත්‍රපටය අරභයා ය.
ඉතා ඉහළ පිළිගැනීමක් ඇති කාන් චිත්‍රපට උළෙල මේ වසරේ පැවැත්වුණේ පසුගිය මැයි 15 සිට 26 දක්වාය.මෙවර ජූරියේ සභාපතිවරයා ලෙස සුපිරි හොලිවුඩ් නිර්මාණකරුවෙකු වූ ස්ටීවන් ස්පීල්බර්ග් කටයුතු කළේය. කාන් සම්මාන උළෙ‍ලේ ඉහළම සම්මානය වන පාම් ඩී ඕර් සම්මානය මෙවර හිමිවූයේ සමලිංගික පෙම් කතාවකටය. Abdellatif Kechiche අධ්‍යක්ෂණය කළ "Blue Is the Warmest Colour" චිත්‍රපටය මෙවරPalme d’Or සම්මානයෙන් පිදුම් ලැබුවේය.මෙහිදී වෙනස් මගක යමින් ජූරිය අධ්‍යක්ෂවරයාට පමණක් නොව සමලිංගික පෙම්වතියන් ලෙස රඟපෑ Lea Seydoux සහ Adele Exarchopoulos ටසම්මාන පිරිනමන්නට කටයුතු කළාය.

මාතලේ පාසලක ගුරුවරියන් සහ සිසුවියන් ගණිකා රස්සාවේ

මාත‍ලේ නගරයේ එක්තරා උසස් පාසලක සිසු දැරියන් ගණිකා වෘත්තියේ යෙදවූ ගුරු වරියන් කීප දෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වන බව ප්‍රාදේශීය සභාවක සභාපති වරයෙක් ඊයේ (13) දා මාත‍ලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට වාර්තා කර තිඛෙනවා. මෙම පාස‍ලේ ගුරුවරියන් පස් දෙනකු ගණිකා වෘත්තියේ යෙදෙමින් සිසු දැරියන්ද ගණිකා වෘත්තියට ඇද දැමීමේ අවාසනාවන්ත තත්ත්වයක් ඇති බවට චෝදනා කළ සභාපතිවරයා බාලවයස්කාර සිසුවියක අසම්මත ලිංගික

විශ්ව තුන්කොන් පෙමක පැටලෙයි

විශ්ව කොඩිකාර කියන්නේ ගමේ හැඳුන කොල්ලෙක්. එයා  ගියේ ගමේ පාසලට.
මේනකා පීරිස් ඒ පාසලේ විදුහල්පතිවරයාගේ දියණිය. විශ්ව ඒ කාලේ ඉගෙන ගන්න දක්ෂයි. පාසලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා වුණෙත් ඔහු.
දක්ෂකමයි කඩවසම් බවයි නිසාම හොරෙන් හොරෙන් නංගිලා ඔහුට පේ‍්‍රම කරලා .
ඒත් විශ්ව පෙම් කළේ මේනකාට. මේනකත් එහෙමයි.
මේ ආදරේ ප‍්‍රකාශකරගන්නවත් බරුව දෙන්නට වෙන් වෙන්න වෙනවා.
මේනකා පවුල පිටින් රට යනවා.
විශ්ව පවුල පිටින් කොළඹ යනවා.
විශ්ව තාත්තා නම් ටිකක් අමුතුයි . කොහොම සල්ලි හම්බකරනවද කියලා විශ්වවත් දන්නේ නෑ. ඒ නිසාම විශ්වට මේ හැමදේම එපා වෙනවා.
ඔහු ස්වාධීන විය යුතුයි කියලා හිතලා අන්තිමට දැන්වීම් ආයතනයක් පටන් ගන්නවා . මෙතනදි තමයි භාග්‍යා ගුරුසිංහව මුණගැහෙන්නේ.  
මේච්චර කල් මේනකා එයි කියලා බලාගෙන හිටපු විශ්වගෙ හිත භාග්‍යා වෙත ඇදී යනවා.
ආදරේ වෙනස් වෙන්නේ එහෙමයි . ඒත් සැබෑ ආදරේ නම් මොකද්ද කියලා තේරුම් කරමින් මේනකා විශ්වව හොයාගෙන ආපසු  එනවා.
එතනදි තමයි විශ්ව තුන්කොන් ආදරයක පැටලෙන්නේ.
මේ කතාව සැබෑ නම්වලින් කිව්වට සැබෑ කතාවක් නෙවෙයි.  
චමල් ප‍්‍රබෝධ රත්නායක අධ්‍යක්ෂණය කරන අලූත්ම ටෙලි නාට්‍ය තමයි ‘සසර සේයා’.
එය මේ දිනවල කොළඹ , බණ්ඩාරගම ප‍්‍රදේශවල රූගත කෙරෙනවා.
විශ්ව , මේනකා , භාග්‍යාලට අමතරව ජනක් පේ‍්‍රමලාල් , ජනක කුඹුකගේ , සුසන්තා චන්ද්‍රමාලී , මානෙල් වානගුරු, නිලන්ති හීන්දෙණිය , කළණ ගුණසේකර , දසුන් , මදුෂාන් හත්ගහවත්ත  මේ සඳහා රංගනයෙන් එක්වෙනවා.  
කැමරාකරණය - සජිත වීරප්පෙරුම
සහය අධ්‍යක්ෂණය - ප‍්‍රසාද් චන්දිම
කලා අධ්‍යක්ෂණය - ගාමිණි එස් . බණ්ඩාර
වේෂ නිරූපණය - චාමර
නිෂ්පාදනය - රාජා රණසිංහ  
සංස්කරණය -  ප‍්‍රියන්ත ගුරුගේ
සංගීතය  - ප‍්‍රියන්ත නාවලගේ

චතුරිකා පීරිස් පික් පොකට් ගසයි

Mirrorarts-පීරිස් පවුල මෙඑට ගුවන් විදුලි යේ සිට වර්තමාන ටෙලි විෂන් කලාව දක්වා විහිද පැතිරෙණ කලා පරම්පරාවකි චතුරිකා පීරිස් මේ පරම්පරාවේ වර්තමාන කලා ලෝකයේ ජනප‍්‍රියම රංගන ශිල්පිණියක වේ.
ඇගේ සහෝදරිය පූර්ණිකා නිවේදිකාවක් ලෙස ද බොහෝ දෙනා දැන හඳුනාගෙන සිටී. චතුරිකා ගේ පරම්පරාවේ නිවේදක- නිවේදිකාවන් ,ගායිකාවන්, රංගන ශිල්පිණියන් මදිවාට දැන් පික් පොකට් ගසන අයද සිටින බව දකින්නට ලැබේ. ඒ සෑම සතියේ දිනකම රාත‍්‍රී 9.00ට ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශනය වන "ඉසුරු සංග‍්‍රාමය" ටෙලි වෘතාන්තයේ "පින්කි" ලෙසින් චතුරිකා කරන රංගනයෙනි මෙහි නිෂ්පාදනය-ජයන්ත පීරිස්, අධ්‍යක්‍ෂනය- නාලන් මෙන්ඩිස්, කැමරාකරණය-ප‍්‍රියන්ත ප‍්‍රදීප් / ගාමීණී චමින්ද , සංගීතය -රෝහණ වීරසිංහ, ගායනය-අමල් පෙරේරා / නෙළු අධිකාරී, තිර රචනය සුනන්ද සිල්වා නිශ්චල ඡුායාරූපකරණය-සමීර හෙට්ටිආරච්චි ගෙනි
කථා සාරාංශය
අර්වින් ගණේපුර හා ඩන්කන් මැදගෙදර වැදගත් ධනවතුන්වේ. ඔවුන් දෙදෙනාම පුද්ගලික ගුවන්විදුලි නාලිකාවක හිමිකරුවෝ වෙයි. මාධව ගණේපුර අර්වින්ගේ එකම පුත‍්‍රයාය. මාධව යනු නිවැරදි යුක්තිගරුක ජීවිතය දෙස ගැඹුරින් බලන්නෙකි.
ඩන්කන්ගේ එකම දියණිය නෙත්සරාය. ඇය ඉතා කෙලිලොල් ජීවිතයක් ගත කරන ඉතා සරලව හිතන කෙනෙකි. ඇය ඩන්කන් හරහා ඔවුන්ගේ ගුවන්විදුලි නාලිකාවට සම්බන්ධ වන්නේ රැුකියාවක් පිණිස නොව විනෝදයටයි. මෙම ගුවන්විදුලි නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්‍ෂකවරයා මාධවයි. අර්වින් කෙසේ වෙතත් ඩන්කන් තම දියණිය මාධව හා විවාහවන්නේ නම් මැනවැයි සිතයි. නෙත්සරා ද මාධව පිළිබඳ සිත් බැඳි සිටියි. නමුත් නෙත්සරාගේ සිතුම් පැතුම් වලට පටහැනිව සිතන මාධව නෙතසරා දෙස බලන්නේ උපේක්‍ෂාවෙනි.
අයිරා ඇන්ටි ඉතා කටසැර කාන්තාවකි. ඇගේ සැමියා ඩොනල්ඞ්ව ඇය මෙල්ල කරමින් පාලනය කරයි. ආර්ථික දුෂ්කරතා හමුවේ ඇය කඩවලට ඉඳිආප්ප දමමින් ගෙදර කාමර කුලියට දෙමින් ඉතා සටකපට ලෙස ජීවත් වෙයි. ඇය නිලියක් වීමට සිහින මවයි. ඩොනල්ඞ් බීමත්කමත් සූදුවත් නිසා පරිහානියට පත්වන පුද්ගලයෙකි.
අයිරා නිවසේ කාමරයක් කුලියට ගෙන මේධාවි සහ පිංකි සිටියි. මේධාවි මාධවගේ එෆ්. එම් නාලිකාවේ නිවේදිකාවකි. ඇගේ ගම මැල්සිරිපුරය. ජීවිතය දෙස ගැඹුරින් සිතන මේධාවිගේ ඇසුර මාධව නෙත්සරාගේ ඇසුරට වඩා ප‍්‍රිය කරයි. පිංකිගේ සැබෑ නම සඳමාලිය. ඇගේ ගම හොරොව්පතානය. ඇය තේරුම්ගත නොහැකි චරිතයකි. දෙමපියන් මියගොස් සිටින ඇයව හදාවඩා ගෙන ඇත්තේ ඇගේ පුංචිඅම්මා ය. ඇය කොළඹට පැමිණ රැුකියා කිහිපයක් සෙව්වත් අවසානයේ ඇය පික්පොකට් ගසන්නියක් බවට පත්වේ. ඇය පික් පොකට් ගසා උපයන මුදල තම පුංචි අම්මාගේ එකම දියණියගේ අධ්‍යාපනය සඳහා වැය කරයි. ඇය ඉතා සමාජශීලී තැනැත්තියකි. නීති විරෝධී ක‍්‍රියාවක නියැලූනත් ඇයගේ ඇතැම් ක‍්‍රියාවන් යුක්ති සහගතය.
රංග උපාධි අපේක්‍ෂකයෙකි. ගම තිස්සමහාරාමයයි. ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය නිම කිරීමට පුවත්පත් වලට තීරු ලිපි සපයයි. වාමාංශික අදහස් ඇති රැුඩිකල් තරුණයෙකු වන රංග කොළඹ පේළි ගෙවල් ඇති ගෙයක කාමරයක් කුලියට ගෙන නැවතී සිටියි. අහම්බෙන් රංගගේ පසුම්බිය සොරා ගන්නා පිංකි රංග අසරණයෙකු බව දැන ඔහුට සමීප වෙයි.
මෙම ගෙවල් පේළියේ බන්ටි නම් පික්පොකට් රජු වාසය කරයි. ප‍්‍රදේශයේ පික්පොකට්කරුවන්ගේ ප‍්‍රධානියායි. මානුෂික ගති පැවතුම්වලින් හෙබි චරිතයකි. පාතාලයට සම්බන්ධයි.
බන්ටිගේ එකම සොහොයුරිය වින්ධ්‍යා ය. වින්ද්‍යා රංග කෙරෙහි බලාපොරොත්තු තබා සිටියි. ඇය රංගට හැකි අයුරින් උදව් කරයි. නමුත් රංගගේ සිතෙහි ඇය කෙරෙහි සහෝදරත්වය හැර වෙනත් කිිසිම හැඟීමක් නැත.
මෙම ගෙවල් පේලියේම පදිංචියට එන නාලිකා ගුරුවරියකි. ඇය ද ආර්ථික දුෂ්කරතා මැද තම මව සමඟ වාසය කරයි. බන්ටි ඇය කෙරෙහි සිත් ඇතිව සිටියත් නාලිකා විවාහ වීමට සිටින්නේ ජානක සමගිනි.
සුසිරිපාල මෙම ගෙවල් පේලියේ රංගගේ කාමරයේ සිටින්නෙකි. මියුසික් ස්ටාර් තරඟ කිහිපයකට දැනටමත් තරඟ වැද ඇත. ජයග‍්‍රහණය කර නොමැත. මිතුරන්ගේ එස්.එම්.එස්. ඉල්ලා කරදර කරයි. ඔහුගේ එකම අරමුණ මියුසික් ස්ටාර් කෙනෙක් වීමය.
සැම්සන් විජයභාහු සුම්‍යාගේ එකම දියණිය දිල්කිය. වසර අවු. 25 ක් පමණ වන ඇය කුඩා කල සිටම විදේශගත ව සිට ලංකාවට පැමිණ පැමිණෙයි. ඉතා බුද්ධිමත්ය.ගණාකාධිකරණ උපාධිධාරිනියකි. දිල්කිගේ හා පින්කිගේ රූපයන් සමානය. එහෙයින් පිංකි කරන ලද නොයෙකුත් ක‍්‍රියාකාරකම් වලට දිල්කිට මුහුණ දීමට සිදුවේ.
දිල්කි යනු කවරෙක් ද?
පින්කි යනු කවරෙක් ද?
මාධව හා මේධාවි පිළිබඳ නෙත්සරා ගනු ලබන තීරණයන් කුමක් ද?
රංග සහ පින්කි පිළිබඳව වින්ධ්‍යා ගනු ලබන තීරණයන් කුමක් ද?
යෞවනය අලෙවි වන සල්පිල අභිමුව ස්තෝත‍්‍ර ගායනා කරන පුජකවරුන්ට
එරෙහිව යෞවන විසින් කරනු ලබන සංග‍්‍රාමයයි.
මෙම ගැටුම්වලට මැදිහත් වන බන්ටි නාලිකා හා සුසිරිපාලගේ ජීවන චර්යාවන්ගෙන් පිරි කොටස් 100ක් දක්වා දිවෙන කතාංගයකි .

A/L ඉවරයි ටෙලි නාට්‍යට මඩ ප‍්‍රහාරයක්

'A/Lඉවරයි ටෙලි නාට්‍ය සතියේ දින පහේම සවස 7.30 ට ජාතික රුපවාහිනියෙන් විකාශය වන ටෙලි නාට්‍යක් අපි දින්න විදිහට ජාතික රුපවාහිනිය කියන්නේ ටෙලි නාට්‍යක් ප‍්‍රදර්ශණය කරද්දි ටෙලි නාට්‍ය ගැන ඕනවටත් වඩා සොයන චැනල් එකක්. සමහර හොඳම ටෙලි නාට්‍ය කට පවා රුපවාහිනියෙ බෙල්ට් එකක් ගන්න අමාරු වෙලාවක'A/L ඉවරයි 'ටෙලි නාට්‍ය ජාතික රුපවාහිනියෙන් වෙලාවක් ලබාගත්තු එක පිටිපස්සෙ තිබෙන ප‍්‍රධාන අරමුණ සොයා බැලිය යුතුයි.
මෙගා ටෙලි නාට්‍ය බලලා ඇති වෙලා හිටිය අපිට බලන්න පුළුවන් නාට්‍යක් හදපු එක ගැන සතුටුයි. ඒත් ඒ නාට්‍ය ඇතුළෙ කැත විදිහට අරක්කු බොන එක ප‍්‍රමෝට් කරනවා. පේන විදිහට නම් මෙම නාට්‍ය රටේ තරුණයන්ට අරක්කු බොන එක සොමි වැඩක් තරුණයන් වුණාම අරක්කු බොන්න ඕනෙ කියලා උගන්නන්න හදපු නාට්‍යක්. ඒ සඳහා රුපවාහිනිය වංචනිකව යොදාගෙන.
එහෙම වෙන්න ප‍්‍රධාන හේතු කිහිපයක් තියෙන්න පුළුවන් මෙම නාට්‍යයේ තිර රචකයා, අධ්‍යක්‍ෂවරයා අරක්කුවලට ඇන්දිලා නිසා ලංකාවේ තරුණ කොල්ලන්ට අරක්කු සොමි කරන්න ට‍්‍රයි කරණවා. එහෙම නැත්නම් අරක්කු කොම්පැණි වළින් සල්ලි අරගෙන අරක්කු ප‍්‍රමෝට් කරන්න හදනවා.
නාට්‍ය හොඳට බැලූවහම නාට්‍ය ඇතුලෙ අරක්කු බොන එක ප‍්‍රමෝට් කරන්න හදන මහන්සිය දැක්කහම තේරෙනවා මේකෙ පිටිපස්සෙ ඇල්කොහොල් කම්පැනි එක ඉන්නවා කියලා .
කොහොමවුනත් අපේ රටේ දක්‍ෂ නළු නිළියන් පාවිච්චි කරලා ඇල්කොහොල් කම්පැනි එකේ බලාබොරොත්තු ඉෂ්ඨ කරනවද? එහෙත් නැත්නම් නාට්‍යයේ ඉන්න නළුවොත් මේකට සම්බන්ධද?
එහෙම නැත්නම් ඇයි ජාතික නාලිකාවේ අරක්කු ප‍්‍රමෝෂන් සීන් අයින් කළාම ෆේස්බුක් එකේ අයින් කරපු කොටස් දාලා අරක්කු බොන දර්ශන පෙන්වන්න හදන්නෙ.
දැන් තේරෙනවා නේද මේ නාට්‍යයේ අරමුණ මොකද්දකියලා .ඔබත් මේ ගැන අවධානයෙන් ඉන්න. අපේ රටේ කොල්ලන්ට අරක්කු පොවන්න ට‍්‍රයි කරණ A/L ඉවරයි ටෙලි නාට්‍ය පිටිපස්සෙ ඉන්න කණ්ඩායම් කවුද කියලා හොයලා බලන්න අමතක කරන්න එපා' .
ඉහත සඳහන් කරුණු අඩංගු ලිපිය තැපෑලෙන් නිර්නාමික ලිපියක් සේ ලැබුනේ 21වනදාය. මෙම ලිපියේ අරමුණ පැහැදිලි නැති ලිපියෙකි .අත්සනක්, නමක්, ගමක් නැත. නමුත් මෙය සංවිධානාත්මකව මෙම ටෙලි නාට්‍යයෙහි අන්තර්ගතය ප‍්‍රශ්න කරමින් මුද්‍රණය කර එවූවවකි. රුපියල් පහක මුද්දරයක් ගසා, ටයිප් කර, පොටෝ කොපි ගසා මෙලෙස තැපැල් කිරීමට මේ නිර්නාමිකයන්ට කොතරම් මුදලක් වැය වන්නට ඇතිද. මේ ටෙලි නාට්‍ය වර්තමාන පේ‍්‍රක්‍ෂකයන්ට වෙනස්ම ආකාරයේ රසයක් ගෙන දෙන අතර ,ලංකාවේ බොහෝ කලාකරුවන් තම අතීතය ට කැඳවා ගෙන යන්නට සමත් වූ ටෙලි නාට්‍යයක් දවේ.
මිරර් ආර්ට්ස් මේ එවා ඇති නිර්නාමික ලිපිය පිළිබඳව එහි අධ්‍යක්‍ෂ ලක්මිණ අමරදේවගෙන් කරුණු විමසීමක් කළෙමු .මෙම නිර්නාමික ලිපිය සම්බන්ධව ලක්මිණ පැවසුවේ,
මෙය කව්රුන් විසින් කළා දැයි තමාට සිතා ගැනීමට පවා නොහැකි බවයි .ඒ ලෙවල් කරපු කොල්ලො ටෙලි නාට්‍යක් බලලා බොන්න පුරුදු වෙනවනම් ඒ කොල්ලන්ගෙ ගුරුවරු, කොල්ලන්ගෙ දෙමව්පියන් මෝඩයන් විය යතු බවයි. එමෙන්ම මේ අවුරුදු දහඅටක කොල්ලෙක් යනු තම දෙමව්පියන්ගේ සියලූ ප‍්‍රශ්න හඳුනන, බීමට ඇබ්බැහි පියෙකු ගේ හැසිරීම්, ගෙදර ගුටි බැට සිදුවිම්, දෙමව්පියන්ගේ වෙනත් සම්බන්ධකම් යන සියල්ල පිළිබඳ අවබෝධයක් සහ දැනගෙන සිටින බවයි. ඒ නිසා ටෙලි නාට්‍යකින් බොන්න පුරුද් කරන්න පුළුවන්නම් මේ රටේ දිනපතා විකාශය වන ටෙලි නාට්‍ය වළින් යන අඩත්තේට්ටම්, මරා ගැනීම්, ගහ ගැනීම් දුෂ්ටකම් මේ සියල්ලන්ම මේ දරුවන් පුරුදු විය යුතු බව සහ ඔවුන් බොරුකාරයන්, කපටියන්, හොරකම් කරන්නන් බවට පත්විය යුතු බවයි .
මෙවැනි නිර්නාමික වැඩ කරන්නේ ඔවුන්ට ඇජෙන්ඩා එකක් තිබෙන නිසයි. අපිට ඇජෙන්ඩා නැහැ. අපි කරන්නෙ නිර්මාණ .මේ අයට පුළුවන් වෙන්න ඕනෙ මේ බීම ගැන කෙළින් කතාකරලා ජනාධිපති ට කියන්න 'ලංකාවේ මිනිස්සු බොනවා වහාම බාර් ටික වහන්න කියලා' .මමත් එනවා ඒකට. මොකද මම අරක්කු බොන්න කැමති නැහැ. මේ රටේ මෙච්චර ප‍්‍රශ්න තියෙනවා, මානව හිමිකම් කඩවිම් ,ආර්ථික ප‍්‍රශ්න, මේ කිසිවක් වෙනුවෙන් මේ අය පෙනී හිටින්නැතුව, මේ ටෙලි නාට්‍යක් වෙනුවෙන් මුද්දර ගහලා, පොටෝ කොපි කරලා තැපැල් කරණවා. මේවට උත්තර දෙන එකත් මෝඩ කමක්. මේ පශ්නෙ ඉදිරිපත් කරන්න ඕනෙ මට නෙමේ රටේ ජනාධිපතිටයි. අනිත් එක ජනාධිපති බොණවනම් මටත් බොන්න අයිතියක් තියෙනවා. මේ සංස්කාතියක් නැති ,සිවිලයිස් වෙච්ච නැති කව්රුහරි කරපු වැඩක්. .
මේවා ගැන තරහක් නැහැ දුක හිතෙනවා. අපිට රූගත කිරීම්වලට ගියාම මේ නගරයේ මිනිස්සු හදිසියකට නිකන් ගෙදරකින් වතුර ටිකක් දෙන්න කැමති නැහැ, බැට්රියක් චාර්ජ් කරගන්න දැන් සල්ලි දෙන්න වෙලා. ඉස්සර එහෙම නැහැ. දැන් මිනිස්සුන්ගෙ මනුස්සකම විකිනිලා ඉවරයි. එවන් පසුබිමක මිනිස්සු බොන්නැතුව මොනවා කරන්නද? අනික අපිට බොන්න වෙලාවක් නැහැ. රජයේ රැකියා කරණ අයයි, ව්‍යාපාරිකයො කම්කරුවො බොනවා. මොකද එක දිගට වැඩ කරලා ඇති වන ආතතිය නිසා.
බොන එක ඔච්චර ප‍්‍රශ්නය ක් නම් ජනාධිපතිට කියන්න බාර් වහන්න කියලා. එතකොට ඉවරයි නෙ. නැත්තම් ජනාධිපතිගෙන් හෝ අදාළ බලදාරීන්ගෙන් අහන්න අරක්කු බොන්න පුලූවන් කාටද? සුදුසු පාරිභෝගිකයො කව්ද කියලා. අපි මේ ටෙලි නාට්‍ය කරන්නෙ මාර කට්ටක් කාලා ප‍්‍රශ්න ගොඩක් තියාගෙන
ලක්මිණ බොහෝ දේ පැවසුවේ ය. නමුත් මෙහි ඇතැම් දේ ප‍්‍රකාශ කිරීමට නොහැක.
ඇත්තෙන්ම ඉහත සඳහන් කර තිබූ නිර්නාමික ලිපිය සම්බන්ධව පිළිතුරු සැපයීම කළ යුත්තක් නොවේය යන ලක්මිණගේ අදහස නිවැරදි විය හැකිය.
මේ රටේ ඒලෙවල් කර රැකියා අහිමි තරුණයන් වහ නොබී කෙසේ හෝ ජීවිතයට මුහුන දීමද වටී .මේ තරුණයන් දිනෙක මේ ආර්ථික, සමාජ සහ දේශපාලන පීඩනය දරාගත නොහැකිව කැරලි ගසන තැනට පත්වුවහොත් නැවතත් සිදුවන්නේ දහස් ගණනින් මේ තරුණ ප‍්‍රජාව මිය යාමය.
ඉතාමත් ප‍්‍රාථමික හේතු දක්වමින් ,,මෙවන් කලා නිර්මාණයක් වෙනුවෙන් මුදල් වැය කරමින්, නිර්නාමික ලිපියක් ගසන අයට ඉතා වැදගත් පණිවිඩයක් දිය යුතුය. පසුගිය දිනක "මී පුර වෙබ් අඩවියේ" පළවූ පුවතක් වූයේ කටුනායක කලාපේ තරුණියන් අතර වැඩිපුරම විකිණෙන පෙත්ත 'පොස්ටිනෝ' නැමති පෙත්තක් බවයි. මෙය භාවිතා කරන්නේ හදසි ගැබ් ගැනීම් වළක්වා ගැනීමටය. මේ වනවිට වෙළඳ කලාපයට වයස අවුරුදු17- 18 වයස්වල තරුණියන්ද රැකියා සඳහා පැමිණෙන බවද එහි සඳහන් කර තිබිනි. බොන එක ගැන කතා කරනවාට වඩා මෙවන් සමාජ ව්‍යසනයකට ගොඳුරුවන තරුණියන් වෙණුවෙන් යමක් කළ හැකි නම් එය මහත් සමාජ සේවයක් වනු ඇත. මන්ද ජනාධිපතිට අරක්කු බාර් තහනම් කළ හැක .නමුත් ලිංගිකව එක්විම තහනම් කරන්නට සක්කරයටවත් බැරිය .
ඇන්ජලීනා ජොලී පිළිබඳව නොදන්න සිනමා රසිකයෙක් සිටින්නට නොහැක. ඇය දරුවන් හය දෙනෙකුගේ මවකි .ඒ ඇගේ ම දරුවන් සහ ඇය විවිධ රටවලින් ඇති දැඩි කරගන්නට ගත් දරුවන් ද සමගය.ඇන්ජලීනා සමාජ ක‍්‍රියාකරිනියකි .ඇය එජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය තානාපතිවරියක ලෙස බොස්නියා වැනි රටවල් වළ අසරණව සිටින ස්ත‍්‍රීන් සහ දරුවන් වෙනුවෙන් සේවය කරන්නියකි. ඇය මේ වනවිට සිනමා නළු බ‍්‍රැඞ් පිට් සමග ජීවත්වන අතර ඇන්ජලීනා සිය රංගන දක්‍ෂතාවෙනුවෙන් ඔස්කාර් සම්මාන පවා හිමිකරගත් විශිෂ්ට රංගන ශිල්පිනියකි .
ඇන්ජලීනා ට හදිසියේම ශෛල්‍යකර්මයක් සිදු කර ඇත. එය අමෙරිකවේ සියලූම පුවත්පත් වාර්ථා කර තිබුනේ ප‍්‍රධාන සිරස්තල යටතේය. ඇන්ජලීනාගේ මව මියගියේ වයස 56දීය. ඒ ඕවේරියන් (ඩිම්බකෝෂ)පිළිකාවක් හේතුවෙනි. මේ නිසාම ඇන්ජලීනාට ද පිලිකා අවධානමකට මුහුන පාන්නට සිදුව තිබේ .ඒ නිසා ඇන්ජලීනා පවසා ඇත්තේ ඇයට ඉක්මණින් මරණයට පත්වීමට අවශ්‍ය නැති බවයි. මේ නිසා ඇන්ජලීනා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇති අතර ඇයට සියයට 87 බ්‍රෙස්ට් කැන්සර් සහ සියයට පනහක් ඕවෙරියන් (ඩිම්බකෝෂ)අවධානමක් ඇති බව ප‍්‍රකාශ කර ඇත. මේ නිසා ඇන්ජලීනා පසුගිය පෙබරවාරියෙ දී The Pink Lotus Breast Centerහි දි සිය ජීවියේ අසීරුතම අවස්ථාවකට මුහුන දී ඇත. එනම් ඇයගේ පියයරු ඉවත්කිරීමේ ශෛල්‍ය කර්මයට ඇයට මුහුන පාන්නට සිදුවීමයි .මේ සම්බන්ධයෙන් ඇය ප‍්‍රථම වරට පසුගියදා මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් නිකුත් කරමින් සිය ශෛළ්‍ය කර්මය පිලිබඳව හෙලි දරව් කර ඇත .
"අප‍්‍රියෙල් 27 මාස තුනක වෛද්‍ය ක‍්‍රියාමාර්ගවළට අනුව පයෝධර ඉවත් කිරීමේ ශෛල්‍ය කර්මයකට මුහුන දුන්නෙමි.මෙය මට රහසක් ලෙස තබා ගන්නට සිදුවූයේ මගේ වැඩ කටයුතු නිසාය.  නමුත් මා මෙය මේ මොහොතේ ප‍්‍රකාශ කරන්නේ මගේ අත්දැකීමෙන් කාන්තාවන් දැනුවත් කිරීම උදෙසාය. පිළිකා තවමත් මිනිසුන්ගේ හදවත් තුළ තිගැස්මක් ඇති කරන්නකි. එය ගැඹුරු පසුබෑමක් මෙන්ම මානසික බෙලහීන තාවක් ඇති කරවන්නකි. නමුත් අද වනවිට ලේ පරීක්‍ෂණයකින් මෙම පියයුරු පිළිකා සහ ඕවේරියන් පිලිකා ඇති ද යන්න සැක හැර දැනගත හැකියි. ඒ නිසා එවන් සැකයක් ඇත්නම් එසේ නොසිට පරීක්‍ෂණයන් කර අවශ්‍ය ප‍්‍රතිකාර වෙත වහාම යොමුවන ලෙස ඉල්ලා සිටිනවා ."
ඉහත සඳහන් වන්නේ ඇන්ජලීනා නිව්යෝර්ක් ටයිම් පුවත් පත සඳහා යොමු කර තිබූ සටහනයි. ඇයගේ මෙම සටහන ජනප‍්‍රිය තාරකාවන්ට මෙන්ම සාමාන්‍ය කාන්තාවන් සඳහා ඉතා විශාල වැදගත් කමකින් යුක්ත පනිවිඩයක් බවත් ,එය ඔවුන් ඉතා බුද්ධිමත් ආකාරයෙන් සළකා බලනු ඇති බවත් මාධ්‍ය වාර්ථා කර තිබිණි .
මේ සම්බන්ධව ඇන්ජලීනාගේ වෛද්‍යවරු පසුගිය අගහරුවාදා(14)වන දින එරට වේලාවෙන් පස්වරු 100ට ඇයගේ මෙම සැත්කම පිළිබඳ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ . ඇන්ජලීනා සහ රෝහල අතර මූලික ගිවිසුමක් ප‍්‍රථමයෙන්ම මෙම ශෛල්‍යකර්මය අවසන්ව ඇය සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු මෙම කාරණය රහසක් ලෙසත් මාධ්‍යවෙත ප‍්‍රකාශ නොකරණ බවට ඇති කරගෙන තිබූ බව ඔවුන් මෙහිදී ප‍්‍රතමයෙන් අනාවරණය කරණ ලදී.
බ‍්‍රැඞ් පිට් මේ සම්බන්ධව මාධ්‍යට පවසා තිබුනේ ,"ඇය විසින් තීරණය කොට ගන්නා ලද තීන්දුව සාමාන්‍ය අනිත් අය විසින් ගන්නා ලද තීන්දුවක් සේමයි. ඇය ඉතා නිර්භීත තීන්දුවක් ගනු ලැබුයේ. එය වික‍්‍රමාන්විතයි .ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ජීවත්වීම, නිරෝගීව දිගු කාලයක් ජීවත්වීම මටත් අපේ දරුවන්ටත් අවශ්‍යය බවයි ."
ඇන්ජලීනා ජොලි වැනි ලොව ප‍්‍රකට රංගන ශිල්පිනියක් සිය පියයුරු ඉවත් කිරීම පිලිබඳව ලෝකයට හෙලි කරමින්,පියයුරු පිලිකා සම්බන්ධව ජනතාව තුළ ඇති නොදැනුවත්කම මෙන්ම බිය පහන් කිරීමට කරණ ලද සේවය අති මහත්ය. මෙවන් තත්ත්වයක් නොසගවා පැවසීමම ඇය වන් සම්මානනීය නිළියක් කරණ ලද සේවය අති මහත් වනු ඇත .

ඉරාජ් විවාහ වෙයි

නව පරපුරේ ජනප්‍රිය ගායක සහ සංගීත අධ්‍යක්ෂ වරයකු වන ඉරාජ් වීරරත්නගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විය.
එම  අවස්ථාවේ ඡායාරූප එකතුවක්,
ඡායාරූප  ස්ටුඩියො 3000 මඟිනි.

ජැක්සන් ගෙ ඩබල් ගේම්

ශ්‍රී ලංකාවේ චිත්‍රපට බෙදා හැරීමේ දී පිටපත් 35ක සීමාව ඉක්මවා නිකුත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ක්‍රියාත්මක කර ඇති විරෝධතාවේදී එම සංසදයේ උප සභාපති ධුරන්දර ජැක්සන් ඇන්තනී දරන්නේ දෙබිඩි ප්‍රතිපත්තියකි.
ජැක්සන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සභාපති ප්‍රසන්න විතානගේ වෙත 2013. 05. 16 දින ලිපියක් යොමුකර ඇත.
එම ලිපියට අනුව ජැක්සන් ඇන්තනී චිත්‍රපට පිටපත් 35ක උපරිමය ගැළපෙන මට්ටමේ ආර්ථික පිරිවැයකින් වර්තමාන සිනමා නිෂ්පාදන සමන්විත යුතුව
ඇතැයි පිළිගනී. එසේ පිළිගන්නා අතර ජැක්සන් පිටපත් 35 සීමාවට එකඟද වෙයි.
ලිපියේ මුල් ඡේදවලින් 35ට එකඟවන ජැක්සන් ලිපියේ අවසන් ඡේදයේදී සෝමරත්න දිසානායකගේ 'සිරිපැරකුම්' චිත්‍රපටය පිටපත් 55ක් නිකුත් කිරීමටද එකඟ වෙයි.
ජැක්සන් එයට හේතු ලෙස දක්වන්නේ සෝමරත්න දිසානායක සිරි පැරකුම් චිත්‍රපටය නව නීතිය ගෙන ඒමට පෙර නිෂ්පාදනය කර අවසන් කර ඇති බවය.
ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරන්ගේ සංසදයේ ප්‍රවෘත්ති නිවේදනයට අනුව ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට පිටපත් 35ක සීමා නීතිය පැනවූයේ 2013 ජනවාරි 01 දින සිටය.
නිෂ්පාදනය අවසන් කර ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය නිකුත් කළ දින සිට අනුපිළිවෙළින් චිත්‍රපට පෙන්වීමේ තීරණයකටද සංස්ථාව එළැඹිණි.
'සිරි පැරකුම්'චිත්‍රපටය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලබාගෙන ඇත්තේ 2013 මාර්තු 11 වැනිදාය.
දැනට චිත්‍රපට පෝලිමේ චිත්‍රපට 31ක් ඇති අතර 'සිරි පැරකුම්' චිත්‍රපටයට හිමිවී ඇත්තේ 29 වැනි ස්ථානයයයි.
2005. 08.03 දින ප්‍රදර්ශන සහතිකය ලැබූ 'සෙනෙහසක සිහිනය'චිත්‍රපටයේ සිට 2013 පෙබරවාරි 23 දින ප්‍රදර්ශන සහතිකය ලැබූ 'ආදර පූජාසනය' චිත්‍රපටය දක්වා චිත්‍රපට 28ක් 'සිරි පැරකුම්' චිත්‍රපටයට පෙර ප්‍රදර්ශන සහතික ලබා ඇත.
දැන් ජැක්සන් තියරියේ සෝමරත්න ෂේප් කිරීමේ න්‍යායට අනුව ඉහත චිත්‍රපට 29ටම අවශ්‍ය නම් පිටපත් 55 බැගින් නිකුත් කිරීමේ හැකියාව ඇති වෙයි.
ජැක්සන්ගේ දෙබිඩි පිළිවෙත පිළිබඳ විමසූ විට සිනමා ප්‍රවීණයකු පැවැසුවේ මෙය ප්‍රත්‍ර ස්නේහය නිසා ඇති වූ තත්ත්වයක් බවය. සෝමරත්න දිසානායකගේ සිරි පැරැකුම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ ජැක්සන් ඇන්තනීගේ පුතු අඛිල ධනුද්දරය.

ප්‍රබල ලිංගික අභිනවයන් සහිත රූප රාමු පෙන්වනව.

ජාතික රූපවාහිනියට වසර 31 යි. ඉතිං මේ සුවිශේෂි කාරණය මුල් කරගෙන අපි එහි වත්මන් සභාපති, ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සමග සාකච්ඡාවක් කළා.
ජාතික රූපවාහිනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහන්වල විශාල වෙනසක් සිදු කෙරෙනවද?
අපි ඒ වෙනස කර තිබෙනවා. මම මේ වෙනස හඳුන්වන්නේ ‘රැඩිකල් වෙනස’ කියලයි. ඒ වෙනස රූපවාහිනි නරඹන අයට දකින්න පුළුවන්. ඒ වෙනුවෙන් මම පෙන්වන එක් උදාහරණයක් තමයි ‘සුජාත දියණිය’ ටෙලි වෘතාන්තය. ඒක කොයි තරම් මේ රූපවාහිනි ප්‍රේක්ෂක පිරිසක් නැරඹුවද? ආදායම අතිනුත් ඉතාමත් සුවිශේෂී ආදායමක්  මෙමගින් අපේ ආයතනයට ලැබුණා. විශේෂයෙන්ම ‘සුජාත දියණිය’ ගැන කතා කළොත් ඒ කතා මාලාවට ලංකාවේ පුවත් පත් හැම එකකින්ම ලැබුණු සහයෝගය මතක් කළ යුතුයි. අවසානයේ දී ඒක අපේ දෙයක්  වුණේ නැහැ. ඒක පුවත්පත් වලටම අයිතිවුණු චරිතයක් වුණා. කොහොම හරි ඔය ජනප්‍රියතාවය නිසාම ‘සුජාත දියණි’ ටෙලි නාට්‍යය විකාශය නිමා වුණාට පසු අපි තවත් අලුත් ටෙලි නාට්‍යයක් පටන් ගන්නවා ‘අභීත දියණි’ කියලා. මීට අමතරව අපේ ජීවිතවල විවිධ පැතිකඩ ගැන කතා කරන වැඩසටහනක් අපි පටන් ගත්තා. ඒ වැඩ සටහනේ නම ‘අපි අපි‘. ඒ වගේම ජාතික රූපවාහිනිය නරඹන ඔය හැමෝටම දකින්න පුළුවන් වේවි සංගීත වැඩ සටහන්වල පවා වෙනස් බවක් තිබිම.
අපි මේ හැම දෙයක්ම කරන්නේ වෙනස්ම චින්තනයක සිටිමිනි. යහපත් මාධ්‍ය භාවිතයකට උචිත සන්නිවේදන මෙවලමක්  හැටියට තමයි අපි ක්‍රියාකරන්නේ. අපේ ප්‍රධාන බලා‍පොරොත්තුව මුදල් ඉපයීම ‍නෙවෙයි. නමුත් මුදල් උපයනවා. ඒ අපේ ආයතනය පැවැත්ම සඳහා පමණයි.
ඔබ සඳහන් කරන්නේ සෙසු නාලිකා එහෙම නැහැ කියලද?
අද බොහෝ ටෙලිවිෂන් නාලිකා මුදල් උපයන්න බලා‍පොරොත්තු වන්නේ අර්ධ අසභ්‍ය ජවනිකා ඇතුළත් දර්ශන උපයෝගි කරගෙනයි. ප්‍රබල ලිංගික අභිනවයන් සහිත රූප රාමු පෙන්වලයි. මේවා සමාජය තුළට ගියාම අපේ යෞවන යෞවනියන් තුළ මානසික තත්ත්වය කොයි තරම්ද? මම හැම විටම විශ්වාස කරන එක දෙයක් තමයි ඒ තමයි මේ සමාජය තුළ සිදුවන අපරාධත් පවතින මාධ්‍ය භාවිතයත් පුංචි කා‍ලේ සම්බන්ධයක් පවතින බව. තාත්තා කෙනෙක් තරුණියක් එක්ක යාළුවෙලා දරුවෝ දෙන්නයි බිරිඳවයි මරණ තැනට එන්නේ මේ රාග උන්මාදය ඇතුළත් මාධ්‍ය භාවිතය තුළ තිබෙන වැරැද්ද නිසයි. අද බොහෝ මාධ්‍ය පුරුදු වී සිටින්නේ රාගාධික ප්‍රවෘත්ති  උළුප්පා පෙන්වන්නයි. මේවා ජාතික රූපවාහිනිය අනුමත කරන්නේ නැහැ. අපේ වැඩ සටහන් තුළ මේවා නැහැ. අද බලන්න වැඩ සටහන් මෙහෙයවන තරුණ ගෑනු ළමයි ඇඳුම් අඳින්නේ, වාඩි වෙන්නේ ඇඟ පසඟ පෙනෙන විදිහටයි. එහෙම තමයි අද වැඩසටහන්  විකුණන්න උපයෝගි කරගන්නා දේවල්. අපි මේ  දේවල් ගැන ප්‍රවේශම් වෙනවා. මේවා  රාග උන්මාදය සමාජය තුළ මතුවෙන්න අපි රුකුල් දෙන්නේ නැහැ.
මොන දේ වෙනස් කළත් මෙවැනි ආයතනයක් තුළ පවතින දේශපාලන අත පෙවීම් හා මැදිහත් වීම් තුළින් සිදුවන පක්ෂග්‍රාහී  තත්ත්වය වෙනස් කළ නොහැකියි නේද?
ජාතික රූපවාහිනිය තුළ වැඩසටහන් විකාශය වන කාලය පැය 22 ක්. ඒ කාලය අරන් බැලුවොත් පැය දෙකක්වත් දේශපාලන වැඩසටහන්වලට කාලය වෙන්වී නැහැ. හුඟාක් තිබෙන්නේ දැනුම ලැබෙන, සංස්කෘතික වටිනාකමකින් හෙබි වැඩ සටහන්. එහෙමත් නැත්නම් ටෙලි නාට්‍ය හා වාර්තා  වැඩසටහන්. නමුත් ඔබේ ප්‍රශ්නයට මා උත්තර දෙන්නම්. මා හිතනවා ජනමාධ්‍ය පමණක් නමෛයි. කිසිදු මාධ්‍යයක් සම්පූර්ණයෙන්ම දේශපාලන තත්ත්වයෙන් මිදෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. වෙන්නත් බැහැ. මට පරම ස්වාධීන එක් ආයතනයක් පෙන්වන්න. පෞද්ගලිකයි කියන මාධ්‍ය වල පවා එහෙම ස්වාධීනත්වයක් නැහැ.
වර්තමානයේ විකාශය වන බොහෝ රූපවාහිනි නාලිකා තුළ තිබෙන්නේ එකම රාමුවකට වෙන් වූ වැඩසටහන්. රියැලිටි ෂෝ, ටෙලි නාට්‍ය , එකට ආකෘතියක කාන්තා  වැඩසටහන්, දේශපාලන වැඩසටහන් හා කාටුන්... මොකක්ද  මේකට හේතුව..?
අපි මෙවැනි වැඩසටහන්වලට වඩා වෙනස් වැඩ  සටහන් ඉදිරිපත් කරනවා. කාලය වෙන් කරනවා. දැන් බලන්න අපේ අධ්‍යාපන වැඩසටහන් දිහා. අනිකුත් රූපවාහිනි නාලිකාවලට වඩා අපි වැඩි කාල සීමාවක් ඒ වෙනුවෙන් වෙන් කරනවා. මුදල් වෙන් කරනවා. අපි උපයන මුදල්වලින් ආයතනය පවත්වා ගෙන යනවා වගේම මෙවැනි වැඩසටහන් නිෂ්පාදනය කරන්නත් මුදල් වෙන් කරනවා.
අපි මේ ගමන යන්නේ දුෂ්කරතා රැසක් මැදින්. අපිට මුදල් කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. අපි හම්බ කරන ගමන් තමයි මේ ආයතනය පවත්වාගෙන යන්නේ. නමුත් එහෙම කරලා ඔබ කියනව වගේ ඒකාකාරී රාමුවක අපි කොටුවෙන්නේ නැහැ. ව්‍යාපාරික ආයතනවලට වුවමනා  වෙනවා ඔවුන් බලා‍පොරොත්තු වෙන දේ කළ යුතුයි කියන තැන අපි නැහැ. නමුත් අද සියලු නාලිකා  ඉන්නේ එකම තැනක. අපි සදාචාරය රකිමින්, රූපවාහිනි භාවිතය තුළ තිබෙන පිළිවෙත් තුළට අනුගත වෙමින් උඩුගම් බලා පීනනවා.

"නිම්මි හරස්ගම" අමෙරිකානු සිනමා උළෙලක

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුන 11වන ඉන්දියානු සිනමා උළෙල සඳහා ශ‍්‍රී ලංකා සිනමා නිර්මාණයක් වූI Too Have A Name (Enakkum Oru Per) නියෝජනය කරමින් එහි ප‍්‍රධාන චරිතය රගපැ නිම්මි එම සිනමා උළෙලට සහභාගී විය . මෙමසිනමා උළෙල පවත්වනු ලබන්නේ අමෙරිකාවේ ජීවත්වන ඉන්දියානු ව්‍යාපාරික ප‍්‍රජාව සහ විධායක ශ්‍රේණිවල රැකියාවන් හි නියුතු අය සහ ඉන්දියානු ඩෑස්පෝරාව අතර ඉන්දියානු සංස්කෘතියෙහි නොපෙනෙන ඉසව් සිනමාව තුලින් ප‍්‍රදර්ශණය කිරීම සඳහාය.
මෙම සිනමා උළෙල ආරම්භවූයේ පසුගිය අප‍්‍රියෙල් 09වන දිනවූ අතර එහි ආරම්භක සිනමා නිර්මාණය ලෙස අනුරාග් කාශ්‍යප අධ්‍යක්‍ෂණය කළ චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය විය. එහි අවසන් දිනය වූ අප‍්‍රියෙල් 14 ප‍්‍රදර්ශණය වූයේ "මිඞ්නයිට් චිල්රන්ස්ය" ලාංකික සිනමා අධ්‍යක්‍ෂවරියක වන සුභා ශිවකුමාරන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද I Too Have A Name (Enakkum Oru Per)චිත‍්‍රපටය ද මෙම සිනමා උළෙල සඳහා තෝරාගෙන තිබීම විශේෂත්වයක් විය. සුභා යාපනයේ ඉපිද රටවල් කිහිපයක වාසය කිරීමෙන් අනතුරුව ඇය මේ වනවිට අමෙරිකාවේ පදිංචිව සිටී. ඇය හාවර්ඞ් විශ්ව විද්‍යාලයේ දේශපාලනය සහ ජන ප‍්‍රතිපත්ති පිළිබඳ පිළිබඳ උපාධි ධාරිණියකි.
I Too Have A Name (Enakkum Oru Per) ඇගේ ප‍්‍රථම සිනමා නිර්මාණය වේ. මෙහි නිම්මි හරස්ගම කන්‍යා සොහොයුරියකගේ චරිතය රගපානු ලබන අතර, සුභා විජේසරිවර්ධන මෙහෙකාරියකගේ චරිතය රගපායි . මෙම චිත‍්‍රපටය 2012දි බර්ලින් සිනමා උළෙල ඇතුලූ රටවල් කිහිපයකම සිනමා උළෙලවල් නියෝජනය කර ඇත. මෙම චිත‍්‍රපටය නිර්මාණය කර ඇත්තේ 2011දි වන අතර කැමරා-කාලිංග දේශප‍්‍රියගෙනි. තිර රචනය සහ අධ්‍යක්‍ෂණය- සුබා ශිව කුමාරන්ගෙනි. නිෂ්පාදනය- සැමුවෙල් හොල්ට් ගෙනි .
I Too Have A Name (Enakkum Oru Per)
In a time of violence in Sri Lanka, two women (a nun and a servant girl) move in their daily lives to reconcile their past and redirect their future.
Description
Director of Photography: Kalinga Deshapriya
Production Managers: Deepal Gunarathna and Bimal Dushmantha
Art Direction: Bimal Dushmantha
Make Up and Hairstyles: Priyantha Dissanayaka
Producers: Suba Sivakumaran and Samuel Holt
Music Composed and Performed by: Forest Christenson
Sound Design by: Uday Kumar and Mark Amicucci
Edited by: Muthulaxmi Varadhan, Samuel Holt and Jeff Marcello
First Assistant Director: Jafir
Second Assistant Director: Koushalya Mahagedara
Plot Outline
In a time of violence in Sri Lanka, two women (a nun and a servant girl) move in their daily lives to reconcile their past and redirect their future.
Basic Info
Joined Facebook 01/19/2012
Release Date Feb 2012 at Berlinale
Genre Short Fiction Film
Studio Sri Lanka - United States
Awards Selected for Official Shorts Competition at the Berlinale Film Festival
Starring Nimmi Harasgama and Subha Wijesiriwardena (together with Jafir)
Directed By Suba Sivakumaran
Screenplay By Suba Sivakumaran
Produced By Suba Sivakumaran and Samuel Holt

සාරංග - අනර්කලී පෙම්වතුන් වෙයි

මෙරට නිර්මාණය වූ ඉංග්‍රිසි චිත්‍රපටයක මුල්වරට තැනෙණ දෙවැනි කොටස "ඉට්ස් අ මැටර් ඔෆ් ලව්" (Its A Matter Of Love) මැයි මාසයේ 09 වැනි දින සිට බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමා ශාලාවේදී තිරගතවේ.රෝයි ද සිල්වාගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙහි සාරංග දිසාසේකර සහ අනර්කලී ආකර්ෂා පෙම්වතුන් ලෙස රඟති.
විජය නන්දසිරි,ලකී ඩයස්, අයිරාංගනී සේරසිංහ,රෝසි සේනානායක,රොනී ලීච්, කොරීන් අල්මේදා,කේෂියා ලීච් ඇතුළු පිරිස සෙසු චරිත නිරූපණය කරති,නෙහාරා පීරිස් ද සිනමාවට එක්වන්නේ මෙම චිත‍්‍රපටයෙන්.
රෝයි - සුමනාගේ නිෂ්පාදනයක් ලෙස කලඑළියට එන "ඉට්ස් අ මැටර් ඔෆ් ලව්" හි කතාව, දෙබස්, තිර රචනය ද රෝයි ද සිල්වාගේය.

තරුෂි ට....... හොයනවලූ

තරුෂි පෙරේරා මේ දවස්වල ටෙලි නාට්‍ය රැසක දක්නට ලැබෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කාර්යබහුල වනවිට සමහර පෞද්ගලික කාරණා අතපසු වෙනවා. ඒත් ඉතින් තරුෂිට එහෙම්ම කටයුතු අතපසුවුනා කියන්නත් බැහැ. පේ‍්‍රම සම්බන්ධකම් වගේ දේවල්නම් ඇතිවෙලා නැතිවෙනවා. නිළියකට විවාහය කියන්නෙ තරුණ කාලෙම හරි කෙනෙක් හොයාගත්තෙ නැත්තම් පහු වෙනකොට කෙනෙක් සොයාගැනීම පහසුවෙන්නෙ නැහැ. මොනවා කරත් අවසානයේ විවාහ විය යුතු තැනට ආවහම සේරම පරණදේවල් පැත්තකින් දාලා ජීවිතේ දුකක් නැතුව සැපට ඉන්න විවාහය තෝරගන්න හුගක් අය තිරණය කරනවා.
තරුෂි විවාහපත් වෙන්න කල වයස හරි කියල තමයි තරුෂිගේ දෙමවුපියන් දැන් තීරණය කරලා තිබෙන්නේ. මේ දවස්වල තරුෂිට ගැළපෙන මනමාලයෙක් සොයමින් ඉන්න බව දැනගන්නට ලැබුණා.
"කලාකාරියන් වුණහම කාලය ගතවෙනවා දන්නේම නැහැ. මොකද අපි හුඟදෙනෙක් කාර්යබහුලයි. කලා කටයුතුත් එක්ක පෞද්ගලික ජීවිතයේ යම් යම් දේවල් ගැන සොයා බලන්න වේලාවක් නැති අවස්ථා තිබෙනවා. මට හිතෙන්නේ මට ගැළපෙන කෙනෙක් මට ආදරයක් හිතෙන කෙනෙක් තවම හමුවෙලා නැහැ. ඒත් ඉතින් දවසින් දවස කලා කටයුතුත් සමඟ කාලය ගෙවිලා යනවා. මට ඒ ගැන දුකයි. ඒත් ඉතින් අනාගතය ගැන සුබදායි තීරණයක් ගන්න මම පසුබට වෙන්නෙත් නැහැ. මේ දවස්වල මම කලා කටයුතුවලින් තරමක් දුරට මිදිලා අවුරුදු ප්‍රසංග, වාර්තා වැඩසටහන් සඳහා මාගේ දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව මගේ රූපලාවණ්‍යාගාරයේ කටයුතු නව මුහුණුවරකින් ඉදිරිපත් කරන්නත් සැලැසුම් කරනවා.

මැණික්ගෙ ඉල්ලූම ඉහළයාමේ රහස

කාලෙන් කාලෙට සිනමාවට ටෙලි නාට්‍ය වලට අලූත් මුහුනු එකතුවෙනවා .මේ හැම කෙනෙක්ම කුමන විදිහකින් හරි තම ස්ථාවරත්වය ගොඩනගාගන්න උත්සාහ කරනවා. ඒක නිළියන්ට පමණක් නොවේ නළුවන්ටත් අදාලයි. විශේෂයෙන්ම සිනමාවට අලූතෙන් එකතුවෙන බොහෝ අය ඉතා ඉක්මණින් ටෙලි නාට්‍ය ලෝකයට එනවා. ටෙලි නාට්‍ය කරන අය ඉතා අඩුවෙන් තමා සිනමාවට සම්බන්ධවෙන්නේ. බොහෝවෙලාවට සිනමාවට අලූත් අය එකතු කරගන්න නිර්මාණකරුවො කැමතියි, ටෙලිනාට්‍ය වළ නිතර දකින මුහුනු සිනමාවට ගන්න ඔවුන් තරමක් අකමැති නිසා.
මේ දිනවල ප‍්‍රදර්ශණය වන "අනිත්‍යා" චිත‍්‍රපටයෙ රගපාන අලූත් නිළිය තමා නිලංකා ලක්මිණී විජයවර්ධන .ඇය බාවිතා කරන නම මැණික්. ඇය එහි කරණ රගපැම මාධ්‍ය ලෝකෙ අය නිතරම කතාබහ කරන්න පටන් අරන්. " අනිත්‍යා" පේ‍්‍රක්‍ෂකයන්ට බලන්න කුතුහලය අවුස්සන්නේ මේ චිත‍්‍රපටයේ මැණික් ගෙ ඇඳුම් ගැන, සිගරට් පානය ගැන, බීමත් කම, නැතිනම් අඩ නිරුවත් බව ,කොටට ඇඳීම ගැන කතාකරමින් .අද කාලෙ ගැනු ළමයි ඕනෙ කරම් කොටට අඳිනවා. සිනමා හෝ ටෙලි සම්මාන උළෙලවල්වළදී නිළියන්ගේ නළුවන්ගෙ උපන්දින ප‍්‍රියසාදවලදී .නිළියන් කොටට ඇඳීම සාමාන්‍යදෙයක්. එය විලාසිතාවක්. මේ විලාසිතාව සිනමාව කාලය සහ බාවිතාවන විලාසිතා අනුව කළින් කළට බාවිතා කරනවා. සනධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, සෝනියා දිසානායක, සුවිනීතා කෝන්ගහගේ ,මාලිනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, සබීතා පෙරේරා ඇතුළු බහුතරයක් නිළියන් කොට ඇඳුම සිනමාව තුළ අඳිනු ලැබුවා. වර්තමානයේ සිනමාවට කොට ඇඳුම යනු මැජික් එකක් විය යුතු නැහැ .
කෙසේවුවත් අනිත්‍යාහි නවක නිළියක වූ මැනික් අනිත්‍යාහි යම් යම් දර්ශණ සම්බන්ධව අසා ඇති කාරණා වලට පිළිතුරු දී තිබුනේ මේ ආකාරයෙන් .
කොට ඇඳුම් අඳීන දර්ශන නම් මට ගැටලුවක් වුණේ නෑ.අද සමාජයේ පමණක් නෙමෙයි මීට කලකට පෙරත් කාන්තාවන් කොටට ඇන්ඳා. මගෙ අම්මයි ආච්චියි දෙන්නමත් කොට ඇඳුම් ඇඳල තියෙනව.ඒ පිංතූර තාම අපි ළඟ තියෙනව.70 දශකයේ චිත්‍රපටවල කෙටි ඇඳුම් ඇඳපු දර්ශන ඕනතරම් තිබුණා. ඒක කලින්කලට එන විලාසිතාවක්.බියර් බොන දර්ශනවලදි මම බිව්වේ සිසිල් බීම.හැබැයි සිගරට් බොන එක මට ගැටලුවක් වුණා.සිගරට් දුම මට දරාගන්න බැරි වුණා. ඒ දර්ශනය චිත්‍රපටයට අවශ්‍ය එකක්.ඒ නිසා මට ඕන වුණා ඒ දර්ශනය ස්වාභාවික අයුරින්ම කරන්න. එතැනදි අපේ නිෂ්පාදන කණ්ඩායමේ අයිය කෙනෙක් සිගරට් එකක් උරන විදිය මට කියල දුන්නා.මම ඒක හොඳින් කළා.මට ඕන වුණේ මගේ රඟපෑමෙන් චිත්‍රපටයට සාධාරණයක් කරන්න.ඇතැම් කෙටි ඇඳුම් ඇඳගෙන පිරිසක් ඉස්සරහ රඟපෑමේදී මට යම් අපහසුවක් දැනුණා. නමුත් ඒ ගැන මම වැඩිය හිතුවේ නෑ.”
ඔබ රඟපාන්නෙ රැකියාවක් ලෙස ද විනෝදාංශයක් ලෙස ද?
”විනෝදාංශයක් ලෙස”
දිගටම ඔබ රඟපානවද?
”ඒක කියන්න බෑ. මගේ රංගන ජීවිතය අද ඉවරවෙයිද ලබන අවුරුද්දේ ඉවරවෙයිද කියල කියන්න බෑ.”
ඔබ ටෙලිනාට්‍ය නරඹනවද?
”අද නරඹන්න ටෙලිනාට්‍ය නෑ. එකම නළු නිළියො පිරිසක් තමයි හැම ටෙලිනාට්‍යයකම ඉන්නේ. ඒ නිසා ටෙලිනාට්‍ය වෙන්කරල හඳුනාගන්නත් බෑ. ඒ නිසා මම ටෙලිනාට්‍ය නරඹන්නේ නෑ.”
කවුද ඔබේ පෙම්වතා?
”ඔහු අශෝක රන්දෙණිය. ඔහු ව්‍යාපාරිකයෙක්. අපි ළඟදි විවාහ වෙනවා.”
ඔහු 'අනිත්‍යා” නැරඹුවාද?
”ඔව් ඔහු නැරඹුවා. විශාල ගැටලුවක් වුණේ නෑ. ඔහු හොඳ විවෘත මනසක් තියෙන කෙනෙක්.”
ඔබ චරිතයක් බාර ගැනීමේදී විශේෂ තෝරා බේරා ගැනීමක් කරනවාද?
”මෙහෙමයි විශේෂයෙන් තෝරා බේරා ගෙන රඟපාන්න තරම් නිර්මාණ අපේ රටේ බිහිවෙන්නේ නැහැනේ. "බොලිවුඩ්” වල හරි "හොලිවුඩ්” වල හරි සිටියා නම් එහෙම කරන්න තිබුණා. මම රඟපාන්නේ මට චරිතය දැනුණොත් පමණයි.

උපේක්‍ෂයි - ඉනෝකා අක්කියි ...

මේ උපේක්‍ෂා ස්වර්ණමාලි සහ චිත‍්‍රපට අධ්‍යක්‍ෂිකා ඉනෝකා සත්‍යාංගනී අතර සංගීත වීඩියෝ සම්මාන රාත‍්‍රියේ ඇතිවූ කතාබහකි.
උපේක්‍ෂා - "ඉනෝකා අක්කි බෙස්ට්මූවී සෝන්ග් නොමිනේෂන් දෙන්න සහ (උපේක්‍ෂා ට වරදියි ඉනෝකාට සිනහ එයි) අපි ස්ටේජ් එකට ආවේ සම්මාන ලබාදෙන්නයි .
ඉනෝකා- ඉක්මන්ට ඉක්මනට කතාකර කර හිටියා මං ඔයාගෙන් පුංචි ප‍්‍රශ්නයක් අහන්නද ?
උපේක්‍ෂා - ෂුවර්
ඉනෝකා - මූවී එකක සෝන්ග් එකක් කියන්නෙ, චිත‍්‍රපටයක ගීතයක් කියන්නෙ ඔයා හිතන විදිහට මොනවගේ වටිනා කමක් තියෙන දෙයක්ද ?
උපේක්‍ෂා - අනිවාර්යයෙන්ම ඉනෝකා අක්කි..... ෆිල්ම් එකට මාර්කට් කරගන්න පුළුවන් වෙන එක, මෝ එන්ටර්ටේන්ට්මන්ට්.... අනිවාර්යයෙන්ම ගීතයක් අහද්දි ............. (ඉනෝකා උපේක්‍ෂාව වළකමින්)
ඉනෝකා - නැහැ... මට එච්චර දිගට විස්තර ඕනෙ නැහැ. මට ලස්සන, සුන්දර වචන ටිකකින් කියන්න ... මොන විදිහටද දැනෙන්නෙ කියලා අඩුගානෙ පුංචි උපමාවකින්, පුංචි ලස්සන වචන සෙට් එකකින්.
උපේක්‍ෂා - දැන් දේශපාලනය කරණ නිසා අහිංසක චූටි චූටි වචන අමතකයි ලොකු වචන එන්නෙ අක්කෙ ......
ඉනෝකා - ඔයා පෙම් කරන්නෙ කොහොමද දේශපාලනය කරන විදිහටමද?
උපේක්‍ෂා - අපෝ නැහැ මේ දවස්වල පෙම් කරන්නෙත් නැහැනෙ අක්කෙ.... අපි නොමිනේෂන්ස් බලමු... අක්කෙ.
ඉනෝකා - නෑ.. බැ...හැ... මම පටන්ගත්ත දේ ඉවර කරන්න ඕනෙ.
උපේක්‍ෂා - ඕකේ. ප්ලීස් ...
ඉනෝකා - මං කියන්නම් පුංචි උපමා ටිකක් .වළා කුළු නැති හිස් අහසක ලස්සන දේදුන්නක් පැව්වොත් ?(උපේක්‍ෂා එය අනුමත කරමින් හිස සළයි ) රූස්ස ගහකඋඩ මල් කැකුළක් පිපුනොත් ?(ඉනෝකා තක්කු මුක්කුව සිටින උපේක්‍ෂාව කිතිකවන්නට සැරසෙමින්) පොඞ්ඩක් හිනාවෙන්න (උපේක්‍ෂාට හිනාවෙන්නටත් නොහැකිව මෙන් පෙනේ. ඉනෝකා නැවත උපමාවන් පවසමින්) 'සුන්දර යුවතියක්, තමන්ගෙ මුහුනෙන් හැගීම් ප‍්‍රකාශ කරලා ලස්සනට හිනා වුනොත්... ඔබ වගේ .....
උපේක්‍ෂා - තැන්ක්යූ අක්කි ....
ඉනෝකා - මං හිතනවා ගීතයක් කියන්නෙ ඒ වගේ අලංකාරයක් සපයන දෙයක් චිත‍්‍රපටයකට. ඒ කියපු කාරණා තුනෙන් කියැවෙන අදහස් තුනක් තියෙනවා. පුළුවන්නම් කියන්න ?
උපේක්‍ෂා - සුන්දරත්වය, ජීවිය විඳීම....
ඉනෝකා - සුන්දරත්වය හරි ...අව්‍යාජත්වය, චිත්තාකර්ශණීය බව. ඒ කියන්නේ හිතට ආකර්ශණයක් ඇතිවීම. ඔය කාරණා තුන සැපිරෙණවනම් මං හිතනවා ඒ තුළ කිසියම් වූ අපිව ඩැහැගන්න ගුණයක් තියෙන්න පුළුවන් කියලා... බලමු....
උපේක්‍ෂා -අනිවාර්යයෙන්ම
(ඉනෝකා කවරය අරින්නට සූදානම් වෙද්දි අනර්කලී වැඩ සටහන මෙහෙයවන්නි " ද නොමිනීස් ...අයි තින්ක් ලෙට්ස් ගෝ ෆෝ ද නොමිනීස් "යැයි පවසද්දි පැමිණ සිටි පිරිස සිනහසෙන්නට වූහ. උපේක්‍ෂා ද සිනහ සෙන්නට විය. පිටුපස හුන් තරුණයන් අත්පුඩිගසමින් හූ කියන්නටද විය . මේ අතර තිරයේ දෙරණ නොමීනීස් දිස්වූ අතර නැවත සම්මාන ප‍්‍රකාශය සඳහා වේදිකාවට යොමුවද්දී.)
ඉනෝකා - මේකෙ අවෝර්ඞ් විනර්ස්ලා කියන්න කළින්... මට පේනවා... අපේ සහෝදර ශිල්පීන්... මේ ඕඩියන්ස් එකේ ඉඳලා අපි ට හිනාවෙනවා ,අපි කියන ඒවට. අපිට උපහාසෙන් හිනාවෙනවද? නැත්නම් අපිට ආදරෙන් හිනාවෙනවද ?නැත්තම් අපිට අපහාසයෙන් හිනාවෙනවද?මොකක්ද දන්නෙ නැහැ නේද?
උපේක්‍ෂා -ආදරෙන් කියලා බාරගමු නේද?
ඉනෝකා- එහෙම හිතමු... එහෙම හිතමු....යැයි පවසා ජයග‍්‍රාහකයන් කව්රුන්ද යන්න ප‍්‍රකාශ කරයි .
මේ දෙරණ මියුසික් වීඩියෝ සම්මාන රාත‍්‍රියේ උපේක්‍ෂා ස්වර්ණමාලි සහ ඉනෝකා සත්‍යාංගනී වේදිකාවට පැමිණ හොඳම සිනමා ගීත වීඩියෝවට සම්මාන දීමට පෙර කරන ලද කතාබහයි. මෙම ඉදිරිපත් කිරීම තුළින් පැහැදිළි ලෙසම ගම්‍ය වූ කාරණයක් වූයේ ඉනෝකා වේදිකාවට උපේක්‍ෂා ස්වර්ණමාලි සමග පැමිණීම තුළ ඉනෝකා අපහසුතාවට පත්වූවාසේම, උපේක්‍ෂාගෙන් විමසන ලද කාරණා සම්බන්ධව ඇය දැණුවත් කමක් නැතිසේම... උපේක්‍ෂා යනු සංගීතය, සිනමාව, දේශපාලනය ,උපමා උපමේයන් සහ භාෂාව පිළිබඳ දැණුමක් ඇත්තියක නොවන බවයි. මේ නොහැකියාව තුළ හිඳ ඇය කරණ රංගණයන් සම්බන්ධව මෙරට නිර්මාණ කරුවන් දෙපාරක් සිතා බැලිය යුතුව ඇත. ඉනෝකාගේ ද දෙවන සිනමා නිර්මාණයේ ප‍්‍රධාන භූමිකාව රගදක්වන්නේ උපේක්‍ෂා සහ අකලංක ය.

සුජාත දියණි පජාත දියණි වූ හැටි මෙන්න

කාලෙන් කාලෙට ලංකාවේටීවී බලන ප්‍රේක්ෂක ජනයා ආකර්ෂණය කරගන්න විවිද වැඩ සටහන් එලියට එනවනේ..... කාලයක් හැමෝම බැන බැන එත් හැමෝම වගේ බලපු වැඩසටහන් කිහිපයක් විදිහට ශාන්තිගෙන් පටන් අරන් මහගෙදර ප්‍රවීනා...වගේ රන් දෙ පැය  වගේ ඒවාට මිනිස්සු එකතු වෙලා උන්නානේ.....

ගොඩාක් දෙනා දැන් එකට එක එක කතා කියන්න ගත්තානේ.... ගෙවල් වල කැමක් බිමක් හදන්නේ නැ.. ගෙදර ළමයි එක්ක කතාවක් නැ... ගොඩාක් ගැනු අයගේ ලොකුම වැඩේ මේ -ගොන් රන් දෙ පැය බලන එක කියලා.....

දැන් ඉතින් ඒවා ඉවරනෙ........ දැන් ඒ හැමදෙනාම එකතු වෙලා ඉන්නේ සුජාත දියණි වටානේ.... මේක එහෙම එකක් නෙමේද? මේකෙන් වයිරය ගැන කියවෙන්නෙම නැද්ද? අර ඒ පවුලේ කතාවල ඒ කාලේ ඒවා ගැනමයි කියලා කිවනේ...

සුජාත දියණි ඇත්තටම ඉතින් මොනවගේ කතාවක්ද කියලා මට නම් ඒ හැටි වැටහීමක් නැ... මොකද මම ඉතින් එක හැමදාම බලලා නැති නිසා වෙන්න ඇති...

 හැබැයි ඉතින් මම බලපු දවස් වල නම් ඉතින් හැමදාම දකින්නේ මොනවා හරි කැමක් හදනවා.... එක කනවා.... ඊට පස්සේ... ඉතින්  අත් දෙක බදාගෙන එහෙට මෙහෙට දුවනවා.....


JEWEL IN THE PALACE කොරියන් කතා මාලාවේ සිංහල අනුවධනයක් වන සුජාත දියණි කොටස් 54ක් එහෙ විකාශනය උනත් දැනට ලංකාවේ නම් මම හිතන්නේ කොටස් 60ක විතර විකාශය වෙලා තියනවා....
මොනවා උනත් ඉතින් දැන් මේක වටා ගොඩාක් දෙනා එකතු වෙලා ඉන්නවනේ... සමහරඅය ගෙදර ඔක්කොම වැඩ පැත්තකට දාලා මේක බලනවනේ.. එත් ඉතින් මේකේ මම දකින ලොකුම හොදේ ඉතින් එකෙන් ලැබෙන ආදායම් වලින් 40%ක් සමාජ සුබ සාධනයට වෙන කරන එක...
LEE YOUNG AE එහෙමත් නැත්නම් කතා නායිකාව 2003 විතර ඔය නාටකයේ රගපානකොටත් වයස 32ක් විතරනේ... බලනකොට තිස් ගානක් කියලා හිතන්නවත් බැ මම හිතන්නේ.... දැන් නම් 41 ලු
 

දැන් ඉතින් ඔය ඔක්කොමත් නෙමේ ප්‍රශ්නේ දැන් හැම දෙකටම ඔය සුජාත දියනිය ම ඉස්සරහට එන එකනේ....
ක්ලාස්  එකේ සර් ගේ ටියුට් එකේ මුල් පිටුව සුජාත දියණිය,.... පන්තියේ කාඩ් එක සුජාත දියණිය,  බැග් එකේ ඉන්නේ සුජාත දියණිය, ගොසිප් සයිට් වල ෆෙමස් ම කැරැක්ටර් එක සුජාත දියණිය , ෆේස් බුක් එකේ වැඩියෙන්ම ශෙයා වෙන්නේ දැන් සුජාත දියණිය , ෆෙක් සුජාත් දියණි එකවුන්ට් වැහි වහලා.....
ඒ ඔක්කොමත් හරි මේ පැත්තේ නම් පෙරහැරක ආධාර එකතු කරගන්න ගහලා තියන නොට් බුක් එකේ ඉන්නෙත් සුජාත දියණියනේ....
ලංකාවේ ඕන දෙයක් ඉතින් තාවකාලිකයි තමා... අරතැලෙන යකඩේ තැලෙන වෙලාවට හොදටම තලා ගන්න ලංකාවේ තරම් දක්ෂ අය වෙන කොහෙවත් නම් නැතිව ඇති....
ඇත්තටම ඉතින් මේ ජුවෙල් ඔෆ් පලස් එක හදපු කෙනාවත් ලංකාවේ මිනිස්සු හොයන තරම් ආදායමක් ඔය ඩ්‍රාමා එකෙන් හොයලා නැතිව ඇති....