කාලෙන් කාලෙට සිනමාවට ටෙලි නාට්‍ය වලට
අලූත් මුහුනු එකතුවෙනවා .මේ හැම කෙනෙක්ම කුමන විදිහකින් හරි තම ස්ථාවරත්වය
ගොඩනගාගන්න උත්සාහ කරනවා. ඒක නිළියන්ට පමණක් නොවේ නළුවන්ටත් අදාලයි.
විශේෂයෙන්ම සිනමාවට අලූතෙන් එකතුවෙන බොහෝ අය ඉතා ඉක්මණින් ටෙලි නාට්‍ය
ලෝකයට එනවා. ටෙලි නාට්‍ය කරන අය ඉතා අඩුවෙන් තමා සිනමාවට සම්බන්ධවෙන්නේ.
බොහෝවෙලාවට සිනමාවට අලූත් අය එකතු කරගන්න නිර්මාණකරුවො කැමතියි, ටෙලිනාට්‍ය
වළ නිතර දකින මුහුනු සිනමාවට ගන්න ඔවුන් තරමක් අකමැති නිසා.
මේ දිනවල ප‍්‍රදර්ශණය වන "අනිත්‍යා"
චිත‍්‍රපටයෙ රගපාන අලූත් නිළිය තමා නිලංකා ලක්මිණී විජයවර්ධන .ඇය බාවිතා
කරන නම මැණික්. ඇය එහි කරණ රගපැම මාධ්‍ය ලෝකෙ අය නිතරම කතාබහ කරන්න පටන්
අරන්. " අනිත්‍යා" පේ‍්‍රක්‍ෂකයන්ට බලන්න කුතුහලය අවුස්සන්නේ මේ
චිත‍්‍රපටයේ මැණික් ගෙ ඇඳුම් ගැන, සිගරට් පානය ගැන, බීමත් කම, නැතිනම් අඩ
නිරුවත් බව ,කොටට ඇඳීම ගැන කතාකරමින් .අද කාලෙ ගැනු ළමයි ඕනෙ කරම් කොටට
අඳිනවා. සිනමා හෝ ටෙලි සම්මාන උළෙලවල්වළදී නිළියන්ගේ නළුවන්ගෙ උපන්දින
ප‍්‍රියසාදවලදී .නිළියන් කොටට ඇඳීම සාමාන්‍යදෙයක්. එය විලාසිතාවක්. මේ
විලාසිතාව සිනමාව කාලය සහ බාවිතාවන විලාසිතා අනුව කළින් කළට බාවිතා කරනවා.
සනධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, සෝනියා දිසානායක, සුවිනීතා කෝන්ගහගේ
,මාලිනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, සබීතා පෙරේරා ඇතුළු බහුතරයක් නිළියන්
කොට ඇඳුම සිනමාව තුළ අඳිනු ලැබුවා. වර්තමානයේ සිනමාවට කොට ඇඳුම යනු මැජික්
එකක් විය යුතු නැහැ .
කෙසේවුවත් අනිත්‍යාහි නවක නිළියක වූ මැනික් අනිත්‍යාහි යම් යම් දර්ශණ සම්බන්ධව අසා ඇති කාරණා වලට පිළිතුරු දී තිබුනේ මේ ආකාරයෙන් .
කොට ඇඳුම් අඳීන දර්ශන නම් මට ගැටලුවක්
වුණේ නෑ.අද සමාජයේ පමණක් නෙමෙයි මීට කලකට පෙරත් කාන්තාවන් කොටට ඇන්ඳා. මගෙ
අම්මයි ආච්චියි දෙන්නමත් කොට ඇඳුම් ඇඳල තියෙනව.ඒ පිංතූර තාම අපි ළඟ
තියෙනව.70 දශකයේ චිත්‍රපටවල කෙටි ඇඳුම් ඇඳපු දර්ශන ඕනතරම් තිබුණා. ඒක
කලින්කලට එන විලාසිතාවක්.බියර් බොන දර්ශනවලදි මම බිව්වේ සිසිල් බීම.හැබැයි
සිගරට් බොන එක මට ගැටලුවක් වුණා.සිගරට් දුම මට දරාගන්න බැරි වුණා. ඒ දර්ශනය
චිත්‍රපටයට අවශ්‍ය එකක්.ඒ නිසා මට ඕන වුණා ඒ දර්ශනය ස්වාභාවික අයුරින්ම
කරන්න. එතැනදි අපේ නිෂ්පාදන කණ්ඩායමේ අයිය කෙනෙක් සිගරට් එකක් උරන විදිය මට
කියල දුන්නා.මම ඒක හොඳින් කළා.මට ඕන වුණේ මගේ රඟපෑමෙන් චිත්‍රපටයට
සාධාරණයක් කරන්න.ඇතැම් කෙටි ඇඳුම් ඇඳගෙන පිරිසක් ඉස්සරහ රඟපෑමේදී මට යම්
අපහසුවක් දැනුණා. නමුත් ඒ ගැන මම වැඩිය හිතුවේ නෑ.”
ඔබ රඟපාන්නෙ රැකියාවක් ලෙස ද විනෝදාංශයක් ලෙස ද?
”විනෝදාංශයක් ලෙස”
දිගටම ඔබ රඟපානවද?
”ඒක කියන්න බෑ. මගේ රංගන ජීවිතය අද ඉවරවෙයිද ලබන අවුරුද්දේ ඉවරවෙයිද කියල කියන්න බෑ.”
ඔබ ටෙලිනාට්‍ය නරඹනවද?
”අද නරඹන්න ටෙලිනාට්‍ය නෑ. එකම නළු නිළියො
පිරිසක් තමයි හැම ටෙලිනාට්‍යයකම ඉන්නේ. ඒ නිසා ටෙලිනාට්‍ය වෙන්කරල
හඳුනාගන්නත් බෑ. ඒ නිසා මම ටෙලිනාට්‍ය නරඹන්නේ නෑ.”
කවුද ඔබේ පෙම්වතා?
”ඔහු අශෝක රන්දෙණිය. ඔහු ව්‍යාපාරිකයෙක්. අපි ළඟදි විවාහ වෙනවා.”
ඔහු 'අනිත්‍යා” නැරඹුවාද?
”ඔව් ඔහු නැරඹුවා. විශාල ගැටලුවක් වුණේ නෑ. ඔහු හොඳ විවෘත මනසක් තියෙන කෙනෙක්.”
ඔබ චරිතයක් බාර ගැනීමේදී විශේෂ තෝරා බේරා ගැනීමක් කරනවාද?
”මෙහෙමයි විශේෂයෙන් තෝරා බේරා ගෙන රඟපාන්න
තරම් නිර්මාණ අපේ රටේ බිහිවෙන්නේ නැහැනේ. "බොලිවුඩ්” වල හරි "හොලිවුඩ්” වල
හරි සිටියා නම් එහෙම කරන්න තිබුණා. මම රඟපාන්නේ මට චරිතය දැනුණොත් පමණයි.
0 comments:
Post a Comment