1946 සිට ප්‍රංශයේ කාන් නුවර වාර්ෂිකව
පැවැත්වෙන ජාත්‍යන්තර කාන් චිත්‍රපට උළෙල මෙවර තරමක් ආන්දෝලනාත්මක
වූවේය.ආන්දෝලනාත්මක සිදුවීම වූවේ උළෙලේ හොඳම චිත්‍රපටය අරභයා ය.
ඉතා ඉහළ පිළිගැනීමක් ඇති කාන් චිත්‍රපට උළෙල මේ වසරේ පැවැත්වුණේ පසුගිය මැයි 15 සිට 26 දක්වාය.මෙවර ජූරියේ සභාපතිවරයා ලෙස සුපිරි හොලිවුඩ් නිර්මාණකරුවෙකු වූ ස්ටීවන් ස්පීල්බර්ග් කටයුතු කළේය. කාන් සම්මාන උළෙලේ ඉහළම සම්මානය වන පාම් ඩී ඕර් සම්මානය මෙවර හිමිවූයේ සමලිංගික පෙම් කතාවකටය. Abdellatif Kechiche අධ්‍යක්ෂණය කළ "Blue Is the Warmest Colour" චිත්‍රපටය මෙවරPalme d’Or සම්මානයෙන් පිදුම් ලැබුවේය.මෙහිදී වෙනස් මගක යමින් ජූරිය අධ්‍යක්ෂවරයාට පමණක් නොව සමලිංගික පෙම්වතියන් ලෙස රඟපෑ Lea Seydoux සහ Adele Exarchopoulos ටසම්මාන පිරිනමන්නට කටයුතු කළාය.

පැය තුනක් දිග චිත්‍රපටය කම්මැලිකමකින්
තොරව බලා ඉන්නට හැකිවන්නේ ඔවුන් දෙදෙනා ප්‍රේක්ෂකයින් තම රංගනය තුළින් ඊට
බැඳ තබාගන්නා නිසා බව විචාරකයින්ගේ අදහස වී තිබිණි. ඊට අමතරව සම්මාන
උළෙලේදී පිරිනැමෙන ජාත්‍යන්තර සිනමා විචාරකයින්ගේ සම්මානයද ඊට හිමිවිය.
සම්මානය පිළිගනිමින් අධ්‍යක්ෂකවරයා එය ටියුනීසියානු විප්ලවයට හා ප්‍රංශ
තරුණ පරපුරට පුදකර සිටියේය.
චිත්‍රපටයේ අධ්‍යක්ෂ Abdellatif Kechiche
ප්‍රංශ-ටියුනීසියානු සම්භවයකින් යුතු වන අතර, තිර රචකයෙකු හා නළුවෙකුද
වෙයි. ටියුනීසියාවේ උපත ලැබූ ඔහුගේ වයස අවුරුදු පනස් දෙකකි. මීට පෙරද
ප්‍රකට සිනමා උළෙලවලදී සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇති ඔහු අධ්‍යක්ෂණයට
පිවිසියේ ල ෆෝටේ අ වොල්ටෙයාර් චිත්‍රපටයෙනි. නළුවෙකු ලෙස ඔහු ජාත්‍යන්තර
අවධානයට ලක්වූයේ සොරි හේටර්ස් චිත්‍රපටයේ නිව්යෝක් නුවර ටැක්සි රියැදුරෙකු
ලෙස කළ රංගනය හරහාය. මේ වනවිට ඔහු අධ්‍යක්ෂණය කර ඇත්තේ චිත්‍රපට පහක් පමණක්
වීමද කැපී පෙනෙයි.
ඉංග්‍රීසියෙන් "බ්ලූ ඊස් ද වෝමස්ට් කලර්"
ලෙස හැඳින්වුණද මෙය"bleu est une couleur chaude' ප්‍රංශ චිත්‍රපටයකි. යුරෝ
මිලියන හතරක වියදමින් තැනුණු මෙහි තිර රචනය අධ්‍යක්ෂවරයා තවත් දෙදෙනකු හා
එක්ව සකස් කොට ඇත.මුල්වරට කාන් චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය කරනු ලැබූ මෙය
"ද ලයිෆ් ඔෆ් ඇඩෙල්”යන ප්‍රචාරක පාඨයෙන්ද යුතුය. 17හැවිරිදි ඇඩෙල්ගේ
ජීවිතය එමා නම් කාන්තාව හමුවීමෙන් සහමුලින්ම වෙනස්වන අයුරු මේ චිත්‍රපටයෙන්
කියැවෙයි.ඔවුන් දෙදෙනා අතර ක්‍රමයෙන් සමලිංගික සම්බන්ධයක් ඇතිවෙයි.
ප්‍රංශයේ තැන් තුනක රූපගත කිරීම් සිදුකළ
චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස කාන් සම්මාන උළෙලේ පිදුම් ලැබුවද නිෂ්පාදන
කටයුතුවලදී ඊට සම්බන්ධවූවන්ට සිදුවූ හිරිහැර හේතුවෙන් මුල සිටම ආන්දෝලනයට
ලක්වූවකි. මාස දෙකහමාරෙන් වැඩ නිමවන බව කියා මාස පහක කලක් රූපගත කිරීම්
සිදුකළ මෙහි එම කාලය තුළ නිෂ්පාදකවරුන් ලබාදුන් අඩු පහසුකම් නිසා ඊට
සම්බන්ධවූවන්ට විඳින්නට සිදුවූ ගැහැට ගැන ප්‍රංශ ශ්‍රව්‍ය දෘශ්‍ය හා සිනමා
කැමරාකරුවන්ගේ සංගමය වාර්තාවක් ඉදිරිපත් කර සිටියේය. ඇතිවූ ගැහැට දරාගත
නොහැකිව ඇතැමෙක් ඉවත්ව ගිය බවද කියැවෙයි.මුදල් ගෙවීමේදීද බොහෝ අක්‍රමිකතා
සිදු වූ බව ඉහත වාර්තාවේ සඳහන් වෙයි.
"බ්ලූ ඊස් ද වෝමස්ට් කලර්" ලිංගික
සබඳතාවයන් ප්‍රබල ලෙස නිරූපණය කරන්නේ ඇතැම් විටක කාන් උළෙලේ විචාරකයින්
පවා කලබලයට පත් කරවමිනි.චිත්‍රපට ශාලාවල පෙන්වන්නට පෙර එහි ඇතැම් ලිංගික
දර්ශනවල කප්පාදුවක් කරන්නට අධ්‍යක්ෂවරයාට සිදුවනු ඇතැයි කියැවෙයි.
'වැරයිටි' සඟරාවට චිත්‍රපටය ගැන ලියන
සිනමා විචාරක ජස්ටින් චෑන්ග් කියන්නේ මතක ඇති කාලයක මෙතරම් සියුම් ලෙස
සමලිංගික සබඳතාවයන් තිරය මත දිග නොහැරුණු බවය.
කෙසේවුවද මුල සිටම හොඳම චිත්‍රපටය වනු ඇතැයි විචාරකයින් බහුතරය ඉඟි පළ කළේද මේ චිත්‍රපටය ගැනය.
චිත්‍රපටය ගැන වඩාත්ම සුබවාදී විචාරය කරන්නේ ඩේලි ටෙලිග්‍රාෆ් චිත්‍රපටයට ඒ ගැන ලියන රොබි කොලින් බව මගේ හැඟීමයි.ඔහු මෙසේ කියයි
"එය සතුට, දුක,කෝපය,ආසාව හා බලාපොරොත්තුව පිරුණු අසාමාන්‍ය සිනමාපටයකි.නිළියන් දෙදෙනා විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරයි. චිත්‍රපටයේ පැය තුනක ධාවන කාලය ගැන මට ඇති ගැටලුව එය ඊට වඩා දිගු නොවීමය. පැය තුනක් නොව හතක් වුවද ඉතා කැමැත්තෙන් එය නැරඹිය හැකි බව මගේ විශ්වාසයයි.

නිශානි දිසානායක-උපුටාගැනීම- ලක්බිම පුවත්පතින්

0 comments:
Post a Comment