නිලංගා කතා කරයි
මං උපන්නෙ ඩුබායි වල
2013 ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජිණ ලෙස කිරුළ ජයගැනීමට ශ්‍රී ලංකාවේ නිලංගා සේනානායක පසුගිය සතියේ සමත්වුණා.
මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී පැවැති අවසන් තරගයේ ආසියානු රටවල් 30ක තරගකාරියන් පරදා ඇය කිරුළ දිනාගත්තා. මෙම තරගාවලියේ ඛෙස්ට් මොඩ්ල් ලූක් අංශයෙන් ද ජයග්‍රහණය කළේ ඇයයි.
ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාව විසින් පිට පිටම දිනාගත් දෙවන අවස්ථාව මෙයයි. ඉකුත් වසරේදී එම කිරුළ දිනා ගැනීමට ශ්‍රීමාලී ෆොන්සේකා සමත් වුණා.
නිලංගා සේනානායක වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් වන අතර 31 වන වියේ පසුවන්නියකි. කළුතර ප්‍රදේශයේ වාසය කරන ඇය විවාහවූයේ 2000 වසරේදීය. සැලොන් නිලු නමින් රූපලාවන්‍යගාරයක්ද ඇය පවත්වා යනවා.
මෙවර සති අන්ත පුවත්පතකට ඇය සිය ජයග්‍රහණය ගැන අදහස් පළකර තිඛෙනවා.
zමං ඉපදුනේ ඩුබායි වල. අප්පච්චි කුඩා කාලෙම නැති වුණා. අම්මා තමා හැමදෙයක්ම මං වෙනුවෙන් කලේ. මුලින් හිටියෙ රාජගිරියෙ.මං පාසල් ගියේ සුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයට. පාසලෙන් පසුව අවුරුදු පහක් තිස්සේ භාරත නර්තනය හැදෑරුවා.
මං විවාහ වුනේ 2000 දී මගේ සැමියා අර්ජුන සේනානායක. එයා මට ලොකු සහයෝගයක් දුන්නා මේ ජයග්‍රහණයට. අපි විවාහයෙන් පස්සේ දෙන්නම නිරූපණ ක්ෂේත්‍රයේ හිටියේ. 2002 මං හොඳම නිරූපිකාව ලෙස සම්මානත් ගත්තා.
අපට දූලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක්ට අවුරුදු 12යි අනෙක් කෙනාට 6 යි.
මේ ජයග්‍රහණයට මට වාසනා දන්තනාරායනත් මයිකල් විෙජ්සූරියත් වෙනුකත් උදව් කළා. ඉදිරියේදී වෙළෙඳ දැන්වීම් වලට ටෙලානාට්‍ය වලට තෝරාබේරාගෙන දායක වෙන්න කැමතියි.
මට ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. රෝසි සේනානායකගෙන් පසුව ලංකාවට ගොකු ගෞරවයක් මට ගෙන එන්න පුළුවන්වීම ගැන. ශ්‍රීමාලියි මමයි පිට පිට මෙවැනි කුසලානයක් ලංකාවට ගෙන ඒමත් සතුටට කරුණක්.
රටවල් 30 ක් තරග වැදුණ නිසා මට ලොකු චකිතයකි තිබුණා. පිලිපීන මැලේසියා හොංකොං සිංගප්පූරු හතරදෙනා එක්ක මාව අවසන් පස්දෙනාට තේරුනාම මට බයක් ඇතිවුණා. වෙනදා ඉන්දියාවට බයේ අපි තරග කරන්නේ ඒත් මෙවර ඉන්දියාව අවසන් වටයට ආවෙ නෑ. ඒත් මට ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබුණා.Z
සාකච්ඡාව - අයේෂිකා රාජසූරිය
;r.dj,sh w;r;=r ks,x.df.a PdhdrEm tl;=j my;ska' ish,a, fu;ekska
0 comments:
Post a Comment