ගොඩාක් දෙනා දැන් එකට එක එක කතා කියන්න ගත්තානේ.... ගෙවල් වල කැමක් බිමක් හදන්නේ නැ.. ගෙදර ළමයි එක්ක කතාවක් නැ... ගොඩාක් ගැනු අයගේ ලොකුම වැඩේ මේ -
දැන් ඉතින් ඒවා ඉවරනෙ........ දැන් ඒ හැමදෙනාම එකතු වෙලා ඉන්නේ සුජාත දියණි වටානේ.... මේක එහෙම එකක් නෙමේද? මේකෙන් වයිරය ගැන කියවෙන්නෙම නැද්ද? අර ඒ පවුලේ කතාවල ඒ කාලේ ඒවා ගැනමයි කියලා කිවනේ...
සුජාත දියණි ඇත්තටම ඉතින් මොනවගේ කතාවක්ද කියලා මට නම් ඒ හැටි වැටහීමක් නැ... මොකද මම ඉතින් එක හැමදාම බලලා නැති නිසා වෙන්න ඇති...
හැබැයි ඉතින් මම බලපු දවස් වල නම් ඉතින් හැමදාම දකින්නේ මොනවා හරි කැමක් හදනවා.... එක කනවා.... ඊට පස්සේ... ඉතින් අත් දෙක බදාගෙන එහෙට මෙහෙට දුවනවා.....
JEWEL IN THE PALACE කොරියන් කතා මාලාවේ සිංහල අනුවධනයක් වන සුජාත දියණි
කොටස් 54ක් එහෙ විකාශනය උනත් දැනට ලංකාවේ නම් මම හිතන්නේ කොටස් 60ක විතර
විකාශය වෙලා තියනවා....
මොනවා උනත් ඉතින් දැන් මේක වටා ගොඩාක් දෙනා එකතු වෙලා ඉන්නවනේ... සමහරඅය
ගෙදර ඔක්කොම වැඩ පැත්තකට දාලා මේක බලනවනේ.. එත් ඉතින් මේකේ මම දකින ලොකුම
හොදේ ඉතින් එකෙන් ලැබෙන ආදායම් වලින් 40%ක් සමාජ සුබ සාධනයට වෙන කරන එක...
LEE YOUNG AE එහෙමත් නැත්නම් කතා නායිකාව 2003 විතර ඔය නාටකයේ රගපානකොටත්
වයස 32ක් විතරනේ... බලනකොට තිස් ගානක් කියලා හිතන්නවත් බැ මම හිතන්නේ....
දැන් නම් 41 ලු
දැන් ඉතින් ඔය ඔක්කොමත් නෙමේ ප්‍රශ්නේ දැන් හැම දෙකටම ඔය සුජාත දියනිය ම ඉස්සරහට එන එකනේ....
ක්ලාස් එකේ සර් ගේ ටියුට් එකේ මුල් පිටුව සුජාත දියණිය,.... පන්තියේ කාඩ්
එක සුජාත දියණිය, බැග් එකේ ඉන්නේ සුජාත දියණිය, ගොසිප් සයිට් වල ෆෙමස් ම
කැරැක්ටර් එක සුජාත දියණිය , ෆේස් බුක් එකේ වැඩියෙන්ම ශෙයා වෙන්නේ දැන්
සුජාත දියණිය , ෆෙක් සුජාත් දියණි එකවුන්ට් වැහි වහලා.....
ඒ ඔක්කොමත් හරි මේ පැත්තේ නම් පෙරහැරක ආධාර එකතු කරගන්න ගහලා තියන නොට් බුක් එකේ ඉන්නෙත් සුජාත දියණියනේ....
ලංකාවේ ඕන දෙයක් ඉතින් තාවකාලිකයි තමා... අරතැලෙන යකඩේ තැලෙන වෙලාවට හොදටම
තලා ගන්න ලංකාවේ තරම් දක්ෂ අය වෙන කොහෙවත් නම් නැතිව ඇති....
ඇත්තටම ඉතින් මේ ජුවෙල් ඔෆ් පලස් එක හදපු කෙනාවත් ලංකාවේ මිනිස්සු හොයන තරම් ආදායමක් ඔය ඩ්‍රාමා එකෙන් හොයලා නැතිව ඇති....

0 comments:
Post a Comment