විශ්ව තුන්කොන් පෙමක පැටලෙයි

විශ්ව කොඩිකාර කියන්නේ ගමේ හැඳුන කොල්ලෙක්. එයා  ගියේ ගමේ පාසලට.
මේනකා පීරිස් ඒ පාසලේ විදුහල්පතිවරයාගේ දියණිය. විශ්ව ඒ කාලේ ඉගෙන ගන්න දක්ෂයි. පාසලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා වුණෙත් ඔහු.
දක්ෂකමයි කඩවසම් බවයි නිසාම හොරෙන් හොරෙන් නංගිලා ඔහුට පේ‍්‍රම කරලා .
ඒත් විශ්ව පෙම් කළේ මේනකාට. මේනකත් එහෙමයි.
මේ ආදරේ ප‍්‍රකාශකරගන්නවත් බරුව දෙන්නට වෙන් වෙන්න වෙනවා.
මේනකා පවුල පිටින් රට යනවා.
විශ්ව පවුල පිටින් කොළඹ යනවා.
විශ්ව තාත්තා නම් ටිකක් අමුතුයි . කොහොම සල්ලි හම්බකරනවද කියලා විශ්වවත් දන්නේ නෑ. ඒ නිසාම විශ්වට මේ හැමදේම එපා වෙනවා.
ඔහු ස්වාධීන විය යුතුයි කියලා හිතලා අන්තිමට දැන්වීම් ආයතනයක් පටන් ගන්නවා . මෙතනදි තමයි භාග්‍යා ගුරුසිංහව මුණගැහෙන්නේ.  
මේච්චර කල් මේනකා එයි කියලා බලාගෙන හිටපු විශ්වගෙ හිත භාග්‍යා වෙත ඇදී යනවා.
ආදරේ වෙනස් වෙන්නේ එහෙමයි . ඒත් සැබෑ ආදරේ නම් මොකද්ද කියලා තේරුම් කරමින් මේනකා විශ්වව හොයාගෙන ආපසු  එනවා.
එතනදි තමයි විශ්ව තුන්කොන් ආදරයක පැටලෙන්නේ.
මේ කතාව සැබෑ නම්වලින් කිව්වට සැබෑ කතාවක් නෙවෙයි.  
චමල් ප‍්‍රබෝධ රත්නායක අධ්‍යක්ෂණය කරන අලූත්ම ටෙලි නාට්‍ය තමයි ‘සසර සේයා’.
එය මේ දිනවල කොළඹ , බණ්ඩාරගම ප‍්‍රදේශවල රූගත කෙරෙනවා.
විශ්ව , මේනකා , භාග්‍යාලට අමතරව ජනක් පේ‍්‍රමලාල් , ජනක කුඹුකගේ , සුසන්තා චන්ද්‍රමාලී , මානෙල් වානගුරු, නිලන්ති හීන්දෙණිය , කළණ ගුණසේකර , දසුන් , මදුෂාන් හත්ගහවත්ත  මේ සඳහා රංගනයෙන් එක්වෙනවා.  
කැමරාකරණය - සජිත වීරප්පෙරුම
සහය අධ්‍යක්ෂණය - ප‍්‍රසාද් චන්දිම
කලා අධ්‍යක්ෂණය - ගාමිණි එස් . බණ්ඩාර
වේෂ නිරූපණය - චාමර
නිෂ්පාදනය - රාජා රණසිංහ  
සංස්කරණය -  ප‍්‍රියන්ත ගුරුගේ
සංගීතය  - ප‍්‍රියන්ත නාවලගේ

0 comments:

Post a Comment