මෙම ප්‍රශ්නය විසඳන්නට බලධාරීන් ඉදිරිපත් වන්නේ නම් එය පුණ්‍යකර්මයක් වනු ඇත.
ඇය ඒවා තිබූ සටහන පහත පරිදිය.
පෝය දිනවලදී අනුරාධපුර රුවන් වැලි සෑය සහ ශ්‍රී මහා බෝධිය අසල සිල් සමාදන්වන උපාසක උපාසිකාවන් සහ බැතිමතුන් මුහුණ දෙන ප්‍රධානතම එහෙත් බලධාරින්ට නොපෙනෙන ගැටලූවකි මේ.
පොහොයදිනයේ සිල් සමාදන් වන සියලුදෙනා පොහොයදිනට පෙරදිනයේ පූජාභූමියේ නවාතැන් ගනිති. පසුදින සිල්සමාදන් වීමට නම් උදෑසන එකේ සිට වත් වැසිකිලි පෝලිමට එක්විය යුතුය.
මෙම පොසොන් පොහොය දිනයේ මමද සිල්සමාදන් වුනෙමි.
අලූයම 1 ට වැසිකිලි පෝලිමට එක්වූ මාහට වැසිකිලියට ඇතුළුවීමට ලැබුනේ පැය 2 කට පමණ පස එනම් 3 ට පමණය.
රෝගීවූ අයට වයස්ගත අයට ඉඩ ලබාදීමටද කවුරුත් අකමැතිය.එසේම එතැනින් නික්මුන පසු මුහුණසේදීමට ඇත්තේ ජලනල තුනක් පමණි.
සිල් සමාදන් වී උදෑසන දානය වළඳා වැසිකිලියට ගිය අය ආපසු ධර්ම දේශනාව ඇසීමට පැමිණෙන විට එය අවසන් වන්නට ආසන්නව තිබුණි.
මෙම අවස්ථාවේ එක් වයස්ගත කාන්තාවකට පෝලිමේදී මුත්‍රා පහවූයේ ඇගේ දෙනෙත් කඳුලෙන් පුරවමිනි.
මා මෙම තත්වය ගැන සොයා බලන්නැයි පොලිසියේ මහත්වරුන් කීප දෙනෙකුටම පැවසුවද ඔවුන් පැවසුවේ මෙම අඩුපාඩු ගැන කථාකළත් පලක් නොමැති බවය.
අනුරාධපුර ශ්‍රී විභූතිය රූපවාහිනී නාලිකාවලින් පෙන්වනු දකින නමුත් පෝය දිනයේ සිල්සමාදන්වන දහස් ගණනකට විදින්නට සිදුවන මෙම කරදරය මට නම් නෙතට කඳුළු නැංවීමට සමත්ය. එය මට පෙනුනේ ඔවුනට දුන් ද`ඩුවමක් ලෙසිනි.
- පතිරාජ මැණිකේ උපාසිකා මාතාව
0 comments:
Post a Comment