'A/Lඉවරයි ටෙලි නාට්‍ය සතියේ දින පහේම
සවස 7.30 ට ජාතික රුපවාහිනියෙන් විකාශය වන ටෙලි නාට්‍යක් අපි දින්න විදිහට
ජාතික රුපවාහිනිය කියන්නේ ටෙලි නාට්‍යක් ප‍්‍රදර්ශණය කරද්දි ටෙලි නාට්‍ය
ගැන ඕනවටත් වඩා සොයන චැනල් එකක්. සමහර හොඳම ටෙලි නාට්‍ය කට පවා රුපවාහිනියෙ
බෙල්ට් එකක් ගන්න අමාරු වෙලාවක'A/L ඉවරයි 'ටෙලි නාට්‍ය ජාතික
රුපවාහිනියෙන් වෙලාවක් ලබාගත්තු එක පිටිපස්සෙ තිබෙන ප‍්‍රධාන අරමුණ සොයා
බැලිය යුතුයි.
මෙගා ටෙලි නාට්‍ය බලලා ඇති වෙලා හිටිය
අපිට බලන්න පුළුවන් නාට්‍යක් හදපු එක ගැන සතුටුයි. ඒත් ඒ නාට්‍ය ඇතුළෙ කැත
විදිහට අරක්කු බොන එක ප‍්‍රමෝට් කරනවා. පේන විදිහට නම් මෙම නාට්‍ය රටේ
තරුණයන්ට අරක්කු බොන එක සොමි වැඩක් තරුණයන් වුණාම අරක්කු බොන්න ඕනෙ කියලා
උගන්නන්න හදපු නාට්‍යක්. ඒ සඳහා රුපවාහිනිය වංචනිකව යොදාගෙන.
එහෙම වෙන්න ප‍්‍රධාන හේතු කිහිපයක්
තියෙන්න පුළුවන් මෙම නාට්‍යයේ තිර රචකයා, අධ්‍යක්‍ෂවරයා අරක්කුවලට ඇන්දිලා
නිසා ලංකාවේ තරුණ කොල්ලන්ට අරක්කු සොමි කරන්න ට‍්‍රයි කරණවා. එහෙම නැත්නම්
අරක්කු කොම්පැණි වළින් සල්ලි අරගෙන අරක්කු ප‍්‍රමෝට් කරන්න හදනවා.
නාට්‍ය හොඳට බැලූවහම නාට්‍ය ඇතුලෙ අරක්කු
බොන එක ප‍්‍රමෝට් කරන්න හදන මහන්සිය දැක්කහම තේරෙනවා මේකෙ පිටිපස්සෙ
ඇල්කොහොල් කම්පැනි එක ඉන්නවා කියලා .
කොහොමවුනත් අපේ රටේ දක්‍ෂ නළු නිළියන්
පාවිච්චි කරලා ඇල්කොහොල් කම්පැනි එකේ බලාබොරොත්තු ඉෂ්ඨ කරනවද? එහෙත්
නැත්නම් නාට්‍යයේ ඉන්න නළුවොත් මේකට සම්බන්ධද?
එහෙම නැත්නම් ඇයි ජාතික නාලිකාවේ අරක්කු
ප‍්‍රමෝෂන් සීන් අයින් කළාම ෆේස්බුක් එකේ අයින් කරපු කොටස් දාලා අරක්කු බොන
දර්ශන පෙන්වන්න හදන්නෙ.
දැන් තේරෙනවා නේද මේ නාට්‍යයේ අරමුණ
මොකද්දකියලා .ඔබත් මේ ගැන අවධානයෙන් ඉන්න. අපේ රටේ කොල්ලන්ට අරක්කු පොවන්න
ට‍්‍රයි කරණ A/L ඉවරයි ටෙලි නාට්‍ය පිටිපස්සෙ ඉන්න කණ්ඩායම් කවුද කියලා
හොයලා බලන්න අමතක කරන්න එපා' .
ඉහත සඳහන් කරුණු අඩංගු ලිපිය තැපෑලෙන්
නිර්නාමික ලිපියක් සේ ලැබුනේ 21වනදාය. මෙම ලිපියේ අරමුණ පැහැදිලි නැති
ලිපියෙකි .අත්සනක්, නමක්, ගමක් නැත. නමුත් මෙය සංවිධානාත්මකව මෙම ටෙලි
නාට්‍යයෙහි අන්තර්ගතය ප‍්‍රශ්න කරමින් මුද්‍රණය කර එවූවවකි. රුපියල් පහක
මුද්දරයක් ගසා, ටයිප් කර, පොටෝ කොපි ගසා මෙලෙස තැපැල් කිරීමට මේ
නිර්නාමිකයන්ට කොතරම් මුදලක් වැය වන්නට ඇතිද. මේ ටෙලි නාට්‍ය වර්තමාන
පේ‍්‍රක්‍ෂකයන්ට වෙනස්ම ආකාරයේ රසයක් ගෙන දෙන අතර ,ලංකාවේ බොහෝ කලාකරුවන්
තම අතීතය ට කැඳවා ගෙන යන්නට සමත් වූ ටෙලි නාට්‍යයක් දවේ.
මිරර් ආර්ට්ස් මේ එවා ඇති නිර්නාමික ලිපිය
පිළිබඳව එහි අධ්‍යක්‍ෂ ලක්මිණ අමරදේවගෙන් කරුණු විමසීමක් කළෙමු .මෙම
නිර්නාමික ලිපිය සම්බන්ධව ලක්මිණ පැවසුවේ,
මෙය කව්රුන් විසින් කළා දැයි තමාට සිතා
ගැනීමට පවා නොහැකි බවයි .ඒ ලෙවල් කරපු කොල්ලො ටෙලි නාට්‍යක් බලලා බොන්න
පුරුදු වෙනවනම් ඒ කොල්ලන්ගෙ ගුරුවරු, කොල්ලන්ගෙ දෙමව්පියන් මෝඩයන් විය යතු
බවයි. එමෙන්ම මේ අවුරුදු දහඅටක කොල්ලෙක් යනු තම දෙමව්පියන්ගේ සියලූ
ප‍්‍රශ්න හඳුනන, බීමට ඇබ්බැහි පියෙකු ගේ හැසිරීම්, ගෙදර ගුටි බැට සිදුවිම්,
දෙමව්පියන්ගේ වෙනත් සම්බන්ධකම් යන සියල්ල පිළිබඳ අවබෝධයක් සහ දැනගෙන සිටින
බවයි. ඒ නිසා ටෙලි නාට්‍යකින් බොන්න පුරුද් කරන්න පුළුවන්නම් මේ රටේ
දිනපතා විකාශය වන ටෙලි නාට්‍ය වළින් යන අඩත්තේට්ටම්, මරා ගැනීම්, ගහ ගැනීම්
දුෂ්ටකම් මේ සියල්ලන්ම මේ දරුවන් පුරුදු විය යුතු බව සහ ඔවුන් බොරුකාරයන්,
කපටියන්, හොරකම් කරන්නන් බවට පත්විය යුතු බවයි .
මෙවැනි නිර්නාමික වැඩ කරන්නේ ඔවුන්ට
ඇජෙන්ඩා එකක් තිබෙන නිසයි. අපිට ඇජෙන්ඩා නැහැ. අපි කරන්නෙ නිර්මාණ .මේ අයට
පුළුවන් වෙන්න ඕනෙ මේ බීම ගැන කෙළින් කතාකරලා ජනාධිපති ට කියන්න 'ලංකාවේ
මිනිස්සු බොනවා වහාම බාර් ටික වහන්න කියලා' .මමත් එනවා ඒකට. මොකද මම අරක්කු
බොන්න කැමති නැහැ. මේ රටේ මෙච්චර ප‍්‍රශ්න තියෙනවා, මානව හිමිකම් කඩවිම්
,ආර්ථික ප‍්‍රශ්න, මේ කිසිවක් වෙනුවෙන් මේ අය පෙනී හිටින්නැතුව, මේ ටෙලි
නාට්‍යක් වෙනුවෙන් මුද්දර ගහලා, පොටෝ කොපි කරලා තැපැල් කරණවා. මේවට උත්තර
දෙන එකත් මෝඩ කමක්. මේ පශ්නෙ ඉදිරිපත් කරන්න ඕනෙ මට නෙමේ රටේ ජනාධිපතිටයි.
අනිත් එක ජනාධිපති බොණවනම් මටත් බොන්න අයිතියක් තියෙනවා. මේ සංස්කාතියක්
නැති ,සිවිලයිස් වෙච්ච නැති කව්රුහරි කරපු වැඩක්. .
මේවා ගැන තරහක් නැහැ දුක හිතෙනවා. අපිට
රූගත කිරීම්වලට ගියාම මේ නගරයේ මිනිස්සු හදිසියකට නිකන් ගෙදරකින් වතුර
ටිකක් දෙන්න කැමති නැහැ, බැට්රියක් චාර්ජ් කරගන්න දැන් සල්ලි දෙන්න වෙලා.
ඉස්සර එහෙම නැහැ. දැන් මිනිස්සුන්ගෙ මනුස්සකම විකිනිලා ඉවරයි. එවන් පසුබිමක
මිනිස්සු බොන්නැතුව මොනවා කරන්නද? අනික අපිට බොන්න වෙලාවක් නැහැ. රජයේ
රැකියා කරණ අයයි, ව්‍යාපාරිකයො කම්කරුවො බොනවා. මොකද එක දිගට වැඩ කරලා ඇති
වන ආතතිය නිසා.
බොන එක ඔච්චර ප‍්‍රශ්නය ක් නම් ජනාධිපතිට
කියන්න බාර් වහන්න කියලා. එතකොට ඉවරයි නෙ. නැත්තම් ජනාධිපතිගෙන් හෝ අදාළ
බලදාරීන්ගෙන් අහන්න අරක්කු බොන්න පුලූවන් කාටද? සුදුසු පාරිභෝගිකයො කව්ද
කියලා. අපි මේ ටෙලි නාට්‍ය කරන්නෙ මාර කට්ටක් කාලා ප‍්‍රශ්න ගොඩක් තියාගෙන
ලක්මිණ බොහෝ දේ පැවසුවේ ය. නමුත් මෙහි ඇතැම් දේ ප‍්‍රකාශ කිරීමට නොහැක.
ඇත්තෙන්ම ඉහත සඳහන් කර තිබූ නිර්නාමික ලිපිය සම්බන්ධව පිළිතුරු සැපයීම කළ යුත්තක් නොවේය යන ලක්මිණගේ අදහස නිවැරදි විය හැකිය.
ඇත්තෙන්ම ඉහත සඳහන් කර තිබූ නිර්නාමික ලිපිය සම්බන්ධව පිළිතුරු සැපයීම කළ යුත්තක් නොවේය යන ලක්මිණගේ අදහස නිවැරදි විය හැකිය.
මේ රටේ ඒලෙවල් කර රැකියා අහිමි තරුණයන් වහ
නොබී කෙසේ හෝ ජීවිතයට මුහුන දීමද වටී .මේ තරුණයන් දිනෙක මේ ආර්ථික, සමාජ
සහ දේශපාලන පීඩනය දරාගත නොහැකිව කැරලි ගසන තැනට පත්වුවහොත් නැවතත්
සිදුවන්නේ දහස් ගණනින් මේ තරුණ ප‍්‍රජාව මිය යාමය.
ඉතාමත් ප‍්‍රාථමික හේතු දක්වමින් ,,මෙවන්
කලා නිර්මාණයක් වෙනුවෙන් මුදල් වැය කරමින්, නිර්නාමික ලිපියක් ගසන අයට ඉතා
වැදගත් පණිවිඩයක් දිය යුතුය. පසුගිය දිනක "මී පුර වෙබ් අඩවියේ" පළවූ පුවතක්
වූයේ කටුනායක කලාපේ තරුණියන් අතර වැඩිපුරම විකිණෙන පෙත්ත 'පොස්ටිනෝ' නැමති
පෙත්තක් බවයි. මෙය භාවිතා කරන්නේ හදසි ගැබ් ගැනීම් වළක්වා ගැනීමටය. මේ
වනවිට වෙළඳ කලාපයට වයස අවුරුදු17- 18 වයස්වල තරුණියන්ද රැකියා සඳහා පැමිණෙන
බවද එහි සඳහන් කර තිබිනි. බොන එක ගැන කතා කරනවාට වඩා මෙවන් සමාජ ව්‍යසනයකට
ගොඳුරුවන තරුණියන් වෙණුවෙන් යමක් කළ හැකි නම් එය මහත් සමාජ සේවයක් වනු ඇත.
මන්ද ජනාධිපතිට අරක්කු බාර් තහනම් කළ හැක .නමුත් ලිංගිකව එක්විම තහනම්
කරන්නට සක්කරයටවත් බැරිය .
0 comments:
Post a Comment