උපේක්‍ෂයි - ඉනෝකා අක්කියි ...

මේ උපේක්‍ෂා ස්වර්ණමාලි සහ චිත‍්‍රපට අධ්‍යක්‍ෂිකා ඉනෝකා සත්‍යාංගනී අතර සංගීත වීඩියෝ සම්මාන රාත‍්‍රියේ ඇතිවූ කතාබහකි.
උපේක්‍ෂා - "ඉනෝකා අක්කි බෙස්ට්මූවී සෝන්ග් නොමිනේෂන් දෙන්න සහ (උපේක්‍ෂා ට වරදියි ඉනෝකාට සිනහ එයි) අපි ස්ටේජ් එකට ආවේ සම්මාන ලබාදෙන්නයි .
ඉනෝකා- ඉක්මන්ට ඉක්මනට කතාකර කර හිටියා මං ඔයාගෙන් පුංචි ප‍්‍රශ්නයක් අහන්නද ?
උපේක්‍ෂා - ෂුවර්
ඉනෝකා - මූවී එකක සෝන්ග් එකක් කියන්නෙ, චිත‍්‍රපටයක ගීතයක් කියන්නෙ ඔයා හිතන විදිහට මොනවගේ වටිනා කමක් තියෙන දෙයක්ද ?
උපේක්‍ෂා - අනිවාර්යයෙන්ම ඉනෝකා අක්කි..... ෆිල්ම් එකට මාර්කට් කරගන්න පුළුවන් වෙන එක, මෝ එන්ටර්ටේන්ට්මන්ට්.... අනිවාර්යයෙන්ම ගීතයක් අහද්දි ............. (ඉනෝකා උපේක්‍ෂාව වළකමින්)
ඉනෝකා - නැහැ... මට එච්චර දිගට විස්තර ඕනෙ නැහැ. මට ලස්සන, සුන්දර වචන ටිකකින් කියන්න ... මොන විදිහටද දැනෙන්නෙ කියලා අඩුගානෙ පුංචි උපමාවකින්, පුංචි ලස්සන වචන සෙට් එකකින්.
උපේක්‍ෂා - දැන් දේශපාලනය කරණ නිසා අහිංසක චූටි චූටි වචන අමතකයි ලොකු වචන එන්නෙ අක්කෙ ......
ඉනෝකා - ඔයා පෙම් කරන්නෙ කොහොමද දේශපාලනය කරන විදිහටමද?
උපේක්‍ෂා - අපෝ නැහැ මේ දවස්වල පෙම් කරන්නෙත් නැහැනෙ අක්කෙ.... අපි නොමිනේෂන්ස් බලමු... අක්කෙ.
ඉනෝකා - නෑ.. බැ...හැ... මම පටන්ගත්ත දේ ඉවර කරන්න ඕනෙ.
උපේක්‍ෂා - ඕකේ. ප්ලීස් ...
ඉනෝකා - මං කියන්නම් පුංචි උපමා ටිකක් .වළා කුළු නැති හිස් අහසක ලස්සන දේදුන්නක් පැව්වොත් ?(උපේක්‍ෂා එය අනුමත කරමින් හිස සළයි ) රූස්ස ගහකඋඩ මල් කැකුළක් පිපුනොත් ?(ඉනෝකා තක්කු මුක්කුව සිටින උපේක්‍ෂාව කිතිකවන්නට සැරසෙමින්) පොඞ්ඩක් හිනාවෙන්න (උපේක්‍ෂාට හිනාවෙන්නටත් නොහැකිව මෙන් පෙනේ. ඉනෝකා නැවත උපමාවන් පවසමින්) 'සුන්දර යුවතියක්, තමන්ගෙ මුහුනෙන් හැගීම් ප‍්‍රකාශ කරලා ලස්සනට හිනා වුනොත්... ඔබ වගේ .....
උපේක්‍ෂා - තැන්ක්යූ අක්කි ....
ඉනෝකා - මං හිතනවා ගීතයක් කියන්නෙ ඒ වගේ අලංකාරයක් සපයන දෙයක් චිත‍්‍රපටයකට. ඒ කියපු කාරණා තුනෙන් කියැවෙන අදහස් තුනක් තියෙනවා. පුළුවන්නම් කියන්න ?
උපේක්‍ෂා - සුන්දරත්වය, ජීවිය විඳීම....
ඉනෝකා - සුන්දරත්වය හරි ...අව්‍යාජත්වය, චිත්තාකර්ශණීය බව. ඒ කියන්නේ හිතට ආකර්ශණයක් ඇතිවීම. ඔය කාරණා තුන සැපිරෙණවනම් මං හිතනවා ඒ තුළ කිසියම් වූ අපිව ඩැහැගන්න ගුණයක් තියෙන්න පුළුවන් කියලා... බලමු....
උපේක්‍ෂා -අනිවාර්යයෙන්ම
(ඉනෝකා කවරය අරින්නට සූදානම් වෙද්දි අනර්කලී වැඩ සටහන මෙහෙයවන්නි " ද නොමිනීස් ...අයි තින්ක් ලෙට්ස් ගෝ ෆෝ ද නොමිනීස් "යැයි පවසද්දි පැමිණ සිටි පිරිස සිනහසෙන්නට වූහ. උපේක්‍ෂා ද සිනහ සෙන්නට විය. පිටුපස හුන් තරුණයන් අත්පුඩිගසමින් හූ කියන්නටද විය . මේ අතර තිරයේ දෙරණ නොමීනීස් දිස්වූ අතර නැවත සම්මාන ප‍්‍රකාශය සඳහා වේදිකාවට යොමුවද්දී.)
ඉනෝකා - මේකෙ අවෝර්ඞ් විනර්ස්ලා කියන්න කළින්... මට පේනවා... අපේ සහෝදර ශිල්පීන්... මේ ඕඩියන්ස් එකේ ඉඳලා අපි ට හිනාවෙනවා ,අපි කියන ඒවට. අපිට උපහාසෙන් හිනාවෙනවද? නැත්නම් අපිට ආදරෙන් හිනාවෙනවද ?නැත්තම් අපිට අපහාසයෙන් හිනාවෙනවද?මොකක්ද දන්නෙ නැහැ නේද?
උපේක්‍ෂා -ආදරෙන් කියලා බාරගමු නේද?
ඉනෝකා- එහෙම හිතමු... එහෙම හිතමු....යැයි පවසා ජයග‍්‍රාහකයන් කව්රුන්ද යන්න ප‍්‍රකාශ කරයි .
මේ දෙරණ මියුසික් වීඩියෝ සම්මාන රාත‍්‍රියේ උපේක්‍ෂා ස්වර්ණමාලි සහ ඉනෝකා සත්‍යාංගනී වේදිකාවට පැමිණ හොඳම සිනමා ගීත වීඩියෝවට සම්මාන දීමට පෙර කරන ලද කතාබහයි. මෙම ඉදිරිපත් කිරීම තුළින් පැහැදිළි ලෙසම ගම්‍ය වූ කාරණයක් වූයේ ඉනෝකා වේදිකාවට උපේක්‍ෂා ස්වර්ණමාලි සමග පැමිණීම තුළ ඉනෝකා අපහසුතාවට පත්වූවාසේම, උපේක්‍ෂාගෙන් විමසන ලද කාරණා සම්බන්ධව ඇය දැණුවත් කමක් නැතිසේම... උපේක්‍ෂා යනු සංගීතය, සිනමාව, දේශපාලනය ,උපමා උපමේයන් සහ භාෂාව පිළිබඳ දැණුමක් ඇත්තියක නොවන බවයි. මේ නොහැකියාව තුළ හිඳ ඇය කරණ රංගණයන් සම්බන්ධව මෙරට නිර්මාණ කරුවන් දෙපාරක් සිතා බැලිය යුතුව ඇත. ඉනෝකාගේ ද දෙවන සිනමා නිර්මාණයේ ප‍්‍රධාන භූමිකාව රගදක්වන්නේ උපේක්‍ෂා සහ අකලංක ය.

0 comments:

Post a Comment