නදීෂා හා ගයේෂා චන්දික වෙනුවෙන් රණ්ඩු කලාද ?

පසුගිය සතියේ මව්බිම පුවත්පතේ හදගැස්ම අතිරේකයේ පුවතක් පලවිය. එයින් කියවුනේ දෙරණ කලා ගමේ අවුරුදු උත්සවයේ සිදුවූ සිදුවීමක් පිලිබඳවය. 

පුවත්පත වාර්තා කොට තිබු පරිදි නදීෂා හේමමාලි සහ ගයේෂා පෙරේරා චන්දික නානායක්කාර සමග ජායරුපයකට පෙනී සිටීම සඳහා කෙහෙවලු පටලවාගෙන ඇත. 


ඒ දෙදෙනාම චන්දික තමාගේ ටෙලි නාට්‍යයවල පෙම්වතා බව පවසමිනි. නමුත් එක්ස්ගොසිප් කල සොයාබැලීමකදී හෙලිවුයේ එය ජායාරුප ශිල්පියා විසින් ගොතන ලද කතාවක් බවය. 

කලා ගමේ අවරුදු සඳහා නදීෂා හේමමාලි තනිවමත් ගයේෂා පෙරේරා සිය පෙම්වතා හසන්ජිත් සමගත් සහභාගී වී ඇත. 

ගයේෂා පෙරේරා මෙම දිනවල රඟපෑමේ යෙදෙන "රජ වත්ත" නම් ටෙලි නාට්‍යයේ පෙම්වතා වන්නේ චන්දිකය. 

මෙහිදී තමාගේ ජායාරුප ගොසිප් වෙබ් අඩවියක පළවූ පමණින් ලංකාවේ ජනප්‍රියම ජායාරුප ශිල්පියා ලෙස සිතා සිටින ජායාරුප ශිල්පියෙකු විසින් ගයේෂා ගෙන් චන්දික සමග ජායාරුපයක් ගැනීමට ආරාධනාකොට ඇත. 

එහිදී ගයේෂා "අයියෝ එයා මගේ බෝයිෆ්‍රෙන්ඩ් නේ" යනුවෙන් පවසා එයට එකඟ වී ඇත. පසුව ඒ අසල සිටි නදීශා ද "එයා මගෙත් බෝයිෆ්‍රෙන්ඩ්" යනුවෙන් පවසා ජායාරුපයට පෙනී සිට ඇත.

පසුව මෙම සිදුවීම නිලියන් දෙදෙනා අතර ඇතිවූ ගැටුමක් ලෙස කුණු රසයක් මතුකරමින් මව්බිම පුවත්පත වෙත ලබාදී ඇත්තේද එම ජායාරුප ශිල්පියා විසිනි.

0 comments:

Post a Comment