තමාගේ කියමින්
හස්බන්ඩ් වයිෆ් රණ්ඩු කර
ලොතරැයි මණ්ඩලේ අමාරුවේ
රුපියල් දස ලක්ෂයක දිනුමක් තමාට හිමිව ඇති බව පවසමින් ජයග්‍රාහී ලොතරැයි පතකට ගම්පොළ ප්‍රදේශයේ නිවසක බිරිඳ හා සැමියා දෙදෙනාම වෙන් වෙන්ව අයිතිවාසිකම් කීම නිසා ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම කාට ලබාදිය යුතුද යන උගතෝකෝටියකට පත්ව තිඛෙනවා.
කේන්දරයට අනුව මැයි මස පුතුගේ අකුරු කියවන නැකත හැඳීමේදී එම දරුවාට ඉතා වාසනාවන්ත යයි කියූ නිසා ඔහුගේ නමට වයි අකුරින් තෝරාගෙන මෙම ලොතරැයිය මිලට ගත් බව පවසන කාන්තාව එය ඇදුනු පසු තම සැමියා එය සොරාගෙන ඔහු මිලට ගත් එකක් බව පවසන්නේ යයි චෝදනා කරනවා.
සැමියා පවසන්නේ තමා ගත් ටිකට් පත ඔහුට නින්ද ගිය පසු බිරිඳ සොරාගෙන එහි ඡායා පිටපත්ද රැගෙන ලොතරැයි මණ්ඩලයට යවා ඇති බවකි.
මෙම පැනය නිසා එම දිනුම ලබාදීම නවතා අයිතිය තහවුරු කරන ලෙස ලොතරැයි මණ්ඩලය ඔවුනට
දැනුම් දීමෙන් පසු ඒ සඳහා දෙදෙනාම ගම්පොළ පොලිසිය වෙත මේ සම්බන්ධව පැමිණිලි කොට තිඛෙනවා.
බිරිඳ පවසන්නේ තමාගේ පුතුගේ නැකත අනුව වයි අක්ෂරයේ ගත් ලොතරැයිය මිලදී ගත් පසු එය පරීක්ෂා කිරීමට තමා රූපවාහිනිය අසළ රැඳී ජයග්‍රහණය දැනගත් බවයි. එදින රාත්‍රියේ රූපවාහිනිය මගින් දිනුම් අදින අවස්ථාවේ ගම්පොළ ප්‍රදේශයට රුපියල් දස ලක්ෂයක ත්‍යාගය හිමිව ඇති බවත් එහි තමා ගත් ටිකට් පතේ අංකය සඳහන්ව තිබූ බවත් ඇය ස්ථීරව දැනගත් පසු සතුටින් පිනාගොස් සැමට දැනුම් දුන් බවත් ඒ අවස්ථාවේ තමා සමග අමනාපයෙන් හැසිරුණ සැමියා එම ටිකට් පත සොරාගෙන දැන් එය ඔහුගේ බව පවසන බව ඇය පොලිසිය වෙත දන්වා තිඛෙනවා.
සැමියා එය ප්‍රතික්ෂේප කරන අතර ඔහු දිගින් දිගටම කියන්නේ එය තමාගේ බවයි.
මෙම ආරවුල ජාතික ලොතරැයි මණ්ඩලයට දැන්වීමෙන් පසු එම ත්‍යාග මුදල දීම නවතා දමා ඇත. පසුගිය මැයි මස 15 වන දින දිනුම් හිමිව ඇති මෙම ටිකට් පත සඳහා ඊයේ (25) වනතුරු දිනුම් ලබාදීම සිදුව නැත්තේ මෙම ආරවුල විසඳී නොමැති නිසාය.
ගම්පොළ, කහටපිටිය, ඉලංගවත්ත පදිංචි මෙම අඹුසැමි යුවළ සඳහා තෑගි මුදල සමසේ ඛෙදා ගන්නා ලෙසත් එසේ නොමැති වුවහොත් මාස 6 ක් ගත වනවිට එම මුදල අහිමි වන බව ලොතරැයි මණ්ඩලය යෝජනාවක් කරමින් පැවසුවත් එයට මොවුන් අකමැත්ත ප්‍රකාශ කර තිඛෙනවා.
සම්පූර්ණ මුදල තමාට අවශ්‍ය බව බිරිය හා සැමියා වෙන වෙනම කියන අතර මේ ප්‍රශ්නය නිසා ඔවුන්ගේ පවුලද දැන් බිඳවැටී ඇතැයි වාර්තා වනවා.
මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කොට ඇත්ත කියන්නේ කවුදැයි සොයන්නට දැන් ගම්පොළ පොලිසිය පියවර ගෙන තිඛෙනවා.
0 comments:
Post a Comment