තරුෂි පෙරේරා මේ දවස්වල ටෙලි නාට්‍ය
රැසක දක්නට ලැබෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. කාර්යබහුල වනවිට සමහර
පෞද්ගලික කාරණා අතපසු වෙනවා. ඒත් ඉතින් තරුෂිට එහෙම්ම කටයුතු අතපසුවුනා
කියන්නත් බැහැ. පේ‍්‍රම සම්බන්ධකම් වගේ දේවල්නම් ඇතිවෙලා නැතිවෙනවා.
නිළියකට විවාහය කියන්නෙ තරුණ කාලෙම හරි කෙනෙක් හොයාගත්තෙ නැත්තම් පහු
වෙනකොට කෙනෙක් සොයාගැනීම පහසුවෙන්නෙ නැහැ. මොනවා කරත් අවසානයේ විවාහ විය
යුතු තැනට ආවහම සේරම පරණදේවල් පැත්තකින් දාලා ජීවිතේ දුකක් නැතුව සැපට ඉන්න
විවාහය තෝරගන්න හුගක් අය තිරණය කරනවා.
තරුෂි විවාහපත් වෙන්න කල වයස හරි කියල
තමයි තරුෂිගේ දෙමවුපියන් දැන් තීරණය කරලා තිබෙන්නේ. මේ දවස්වල තරුෂිට
ගැළපෙන මනමාලයෙක් සොයමින් ඉන්න බව දැනගන්නට ලැබුණා.
"කලාකාරියන් වුණහම කාලය ගතවෙනවා දන්නේම
නැහැ. මොකද අපි හුඟදෙනෙක් කාර්යබහුලයි. කලා කටයුතුත් එක්ක පෞද්ගලික ජීවිතයේ
යම් යම් දේවල් ගැන සොයා බලන්න වේලාවක් නැති අවස්ථා තිබෙනවා. මට හිතෙන්නේ
මට ගැළපෙන කෙනෙක් මට ආදරයක් හිතෙන කෙනෙක් තවම හමුවෙලා නැහැ. ඒත් ඉතින්
දවසින් දවස කලා කටයුතුත් සමඟ කාලය ගෙවිලා යනවා. මට ඒ ගැන දුකයි. ඒත් ඉතින්
අනාගතය ගැන සුබදායි තීරණයක් ගන්න මම පසුබට වෙන්නෙත් නැහැ. මේ දවස්වල මම කලා
කටයුතුවලින් තරමක් දුරට මිදිලා අවුරුදු ප්‍රසංග, වාර්තා වැඩසටහන් සඳහා
මාගේ දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව මගේ රූපලාවණ්‍යාගාරයේ කටයුතු නව
මුහුණුවරකින් ඉදිරිපත් කරන්නත් සැලැසුම් කරනවා.
0 comments:
Post a Comment